mediahumanrights.lk
Local NewsNews

ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලන්කන් පස්සට යයි

ජාත්‍යන්තර Skytrax ගුවන්සේවා වර්ගීකරණය අනුව 2017 වසරේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය 81 වන ස්ථානයට පත්වී තිබෙනවා.
වාර්ෂිකව පවත්වන මෙම වර්ගීකරණයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ කටාර් එයාර්වේස් ගුවන් සේවයටයි.
සිංගප්පූරු ගුවන් සේවය දෙවන ස්ථානයට පත්ව ඇති අතර තෙවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ‘‘ ජැපෑන්  ඕල් නිපොන් ’’ ගුවන් සේවයයි.
Skytrax ගුවන්සේවා වර්ගීකරණය අනුව ඉකුත් වසරේ දී ශ‍්‍රී ලංකාවට හිමිව තිබුණේ 67 වන ස්ථානයයි. 2015 වසරේ දී ශ‍්‍රී ලංකාව 73 වන ස්ථානයේ පසු වුණා. කෙසේවෙතත් 2013 වසරේදී ශ්‍රී ලංකාව මෙ වර්ගීකරණය අනුව පැවැතියේ 68 වැනි ස්ථානයේයි.
මෙම වර්ගීකරණයන් සඳහා ගුවන් සේවාවේ නම්‍යශීලිත්වය, පහසුකම්, ආරක්ෂාව, ගාස්තු අයකිරීම්, භාෂා භාවිතය වැනි කරුණු රැසක් පිළිබඳව අවධානයට ගනු ලබනවා.
Skytrax ආයතනය 1989 වසරේ පිහිටුවා ඇති අතර එය බ්‍රිතාන්‍ය මූලික කරගනිමින් ක්‍රියාත්මක වෙනවා. ලොව හොඳම ගුවන් තොටුපළවල් පිළිබඳවද මෙම ආයතනය විසින් වර්ගීකරණය කරනු ලබනවා.
(under the courtesy of nethfm news web)

Related posts

19 නිවැරදි කිරීම පමණක් නොව 13 -16 සංශෝධනවල භයානක ප‍්‍රතිපාදන ද අහෝසි කළ යුතුයි

Shiran Viraj

දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුට

Shiran Viraj

පළාත් පාලන පනතේ සංශෝධන ගැන මන්ත්‍රීන් දැනුම්වත් කළ යුතුයි

Shiran Viraj
Translate »