28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මීට පස්‌සේ අංජු කියන්න එපා…

අංජු කියන්නේ නිරූපිකාවක්‌ද? නිළියක්‌ද? එහෙමත් නැතිනම් නිවේදිකාවක්‌ද?
මම නිරූපිකාවක්‌ නෙමෙයි. හැබැයි නිරූපණ ක්‍ෂේත්‍රය ගැන ඉගෙන ගෙන තියෙනවා. ඊට පසුව මුලින්ම සම්බන්ධවුණේ රංගනයට. රංගනයෙන් පසුව නිවේදනයට. හැබැයි මම කැමැති රංගන ශිල්පිණියක්‌ කියලා හඳුන්වනවාට.
අංජු කියන නිරූපිකාවට මොකද වෙලා තියෙන්නේ ?
මම අංජු නෙමෙයි හිමායා බණ්‌ඩාර. පත්තරයක පින්තූරවල හිටියට මම නිරූපිකාවක්‌ නෙමෙයි. මොඩ්ලින් කියන්නේ වෙනම දෙයක්‌. අනික මොඩ්ල්
කරන්න හොඳ රූපයක්‌ වගේම දක්‍ෂ ඉදිරිපත්
කිරීමේ ශිල්පිණියක්‌ වෙන්නත් ඕනෑ.
ඔබට ඒ හැකියාවන් නැතිද?
මම හැකියාවන් ගැන නෙමෙයි කතා කරන්නේ. මම ඇත්තටම උස අඩු කෙනෙක්‌. ඒ හින්දා මට නිරූපණය ගැලපෙන්නේ නැහැ. හැබැයි ඉඳලා හිටලා මනමාලියක්‌ නිරූපණයට දායකත්වය ලබාදෙනවා.
අංජු කියන නම හැදුණේ ඇයි ?
මගේ සම්පූර්ණ නම අංජලී හිමායා බණ්‌ඩාර. මම ක්‍ෂේත්‍රයට එද්දී අංජලීලා ගොඩක්‌ හිටියා. ඒ හින්දා ගොඩක්‌ අය පුරුදු වුණා ඒ නම වෙනුවට අංජු කියලා කතා කරන්න.
ක්‍ෂේත්‍රයේ අය ඔබට කතා කළේ අංජු කියලා නේද?
ඔව්. අංජු හිමායා බණ්‌ඩාර කියලා තමයි. පස්‌සේ කාලෙක ගොඩක්‌ තැන්වලට හරි කරදරයි. මට අංජු කියලා අනන්‍යතාවයක්‌ නැහැ. ඒ හින්දා මම හිතුවා මගේ අනන්‍යතාවය තියෙන්නේ අංජලී හිමායා බණ්‌ඩාර. අන්තිමේ අංජලිත් කපාහැරලා හිමායා බණ්‌ඩාර කියන නම භාවිතා කරනවා.
දෙවැනි ඉනිමේ සොනාලි ගැනත් කතා කරමු ?
මම දෙවැනි ඉනිමට සම්බන්ධවෙන්නේ කොටස්‌ පනහක්‌ හැටක්‌ විතර ගියාට පසුවයි. දෙවැනි ඉනිම කියන්නේ ටෙලිනාට්‍ය කලාව ගොඩගන්න ආපු ආශිර්වාදයක්‌ කියලයි මම හිතන්නේ. මොකද මේකේ ගැඹුරු තැන් නැහැ. මිනිස්‌සුන්ගේ ජීවිතයේ ඇත්ත තියෙන්නේ. අනෙක්‌ පැත්තෙන් තාරුණ්‍යයට කතා කරනවා. දෙවැනි ඉනිමට සම්බන්ධවෙන්නේ අහම්බයෙන් නෙමෙයි. සාරංග කියන අධ්‍යක්‍ෂවරයා සමග කරන තෙවැනි නාට්‍යය.
දෙවැනි ඉනිමේ සොනාලිව සොයාගන්න අධ්‍යක්‍ෂවරයා සෑහෙන පිරිසක්‌ සම්මුඛ පරීක්‍ෂණවලට කැඳවලා තිබුණා නේද?
ඔව්. ඒ කතාව ඇත්ත
එතකොට හිමායා බණ්‌ඩාරට මේ අවස්‌ථාව ලැබුණේ ?
මටත් කිව්වා ඇවිත් තිර පරීක්‍ෂණයක්‌ ලබාදෙන්න කියලා. අන්තිමේ මම සහභාගිවුණාට පසුව මට ඒ සොනාලි ටීචර් වෙන්න අවස්‌ථාව උදාවුණා.
සාරංග සොනාලි ටීචර්ගේ චරිතයට කතා කරන්නේ කොටස්‌ පනහක්‌ ගියාට පසුව නේද?
සාරංගගේ බිරිඳ මගේ හොඳම යෙහෙළියක්‌. ඇය තමයි මෙහි නිෂ්පාදකවරිය. මම ඔවුන්ගේ පවුලේ හිතවතියක්‌. මම හිතන්නේ නැහැ ඔවුන් නිෂ්පාදනය කරන හැම ටෙලිනාට්‍යයකටම මාව ගන්න ඕනෑ කියලා. අනික ඔවුන් මාව ගත්තේ තිර පරීක්‍ෂණයක්‌ තියලා.
සාරංගගේ බිරිඳ ඔබේ හිතවතිය හින්දා නේද ඔබට මේ අවස්‌ථාව උදාවුණේ ?
එහෙම හිතවත්කමට ඔවුන් නාට්‍ය දෙන්නේ නැහැ. ඔවුක්‌ දෙපළ කුණුලෝබකමක්‌ නැතිව නිෂ්පාදනයක්‌ කරන දෙන්නෙක්‌. ඒ හින්දා කිසිම වෙලාවක ඒ අය හිතවත්කම්වලට නාට්‍යවලට මිනිස්‌සු ගන්නේ නැහැ. මට මේ නාට්‍ය ලැබුණේ හිතවත්කමට නෙමෙයි.
සොනාලි ටීචර්ට සාධාරණයක්‌ කළා කියලා හිතනවාද?
සමහරවෙලාවට. තවත් සමහර වෙලාවකට හිතිලා තියෙනවා මීට වඩා කරන්න තිබුණා කියලා. මම කිසිම දවසක මගේ රංගන ඇතුලේ සැනසීමකට පත්වෙන චරිතයක්‌ නෙමෙයි.
සොනාලි ටීචර් හින්දා නිර්මාණ ගලාගෙන එනවා කියන්නේ ඇත්තද?
ලංකාවේ සමහර ටෙලිනාට්‍යවලට කරන ආරාධනා බොහොම කාරුණිකව මම ප්‍රතික්‌ෂේප කරනවා. එකක්‌ මම ජනප්‍රියත්වය පස්‌සේ යන්නේ නැහැ. ගොඩක්‌ නාට්‍යවලට රඟපාලා ජනප්‍රිය වෙන්න මට වුවමනාවක්‌ නැහැ. මට ඕනෑ හොඳ වැඩක්‌ කරන්න. අනික ලාබෙට කණුකමට කරන නිෂ්පාදනවල වැඩකරන්න මම කැමැති නැහැ. මට කන්න නැතත් ඒවාට නම් යන්නේ නැහැ.
ඔබ කොහොමද ලාබෙට කුණුවැඩ කරනවා කියලා කියන්නේ ?
එහෙම අනන්ත අප්‍රමාණ අත්දැකීම් තියෙනවා. මොකද මම මේ වෙද්දී ටෙලිනාට්‍ය විස්‌සක විතර වැඩකරලා තියෙනවා. ඔය අතරතුර අඩුම ටෙලිනාට්‍ය අටක විතර ඒ වගේ නිෂ්පාදන තමයි හමුවෙලා තියෙන්නේ.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

බස්නාහිර ආණ්ඩුකාරගෙ සමාගම පොල් රට පටවා ඩොලර් ඩුබායිවල හංගනවා.. පොල් හිගයට හේතුව එයයි..- විමල්

Shiran Viraj

කසල කන්ද බිලිගත් 14 කගේ අවසන් කටයුතු අද

Shiran Viraj

අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක්‌ විමසලා; කැටපොළේදී පොලිස්‌ ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලා

Shiran Viraj
Translate »