28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

“මහ රජාණෝ“ සිංදුව කියූ සහේලි අද යුග දිවියට

කාලෙකට පස්සේ සහේලි ලංකාවට ආව හේතුව මුලින්ම කියමුකෝ?
මගේ විවාහය වෙනුවෙන් තමයි මම ලංකාවට ආවේ. මේ මාසේ 14 වැනිදා තමයි වෙඩින් එක තියෙන්නේ. අපේ නෑදෑයෝ ලංකාවේ ඉන්න නිසා ලංකාවට ඇවිත් වෙඩින් එක ගන්න හිතුවා.
සහේලිගේ අත ගන්න සූදානම් වෙන වාසනාවන්තයා කවුද කිව්වොත් හොඳයි නේද?
එයා උදාර කපුකොටුව. එයත් වෛද්‍යවරයෙක්. එයාගේ ගම නුවර. මට එයාව මුණ ගැහෙන්නේ ජෝර්ජියාවල මෙඩිකල් කොලේජ් එකේදී. එතැනදි තමයි අපිට අපිව හඳුනා ගන්න ලැබෙන්නේ.
ඒ හඳුනා ගැනීම මුලින්ම ආදර කතාවකට පෙරළෙනවද?
නැහැ. ඇත්තටම අපි ගොඩක් හොඳ යාළුවෝ. 2012දී තමයි අපි මුණ ගැහෙන්නේ. කාලෙකට පස්සේ තමයි එයා ආදරේ ප්‍රකාශ කරන්නේ.
යාළුකම නිසාමද උදාරව තමන්ගේ සහකාරයා විදියට තෝරා ගත්තේ?
යාළුවෙක් විදියට ආශ්‍රය කරද්දී මට තේරුණා එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා. ගොඩක් හොඳ ගතිගුණ එයාට තියෙනවා. මම බලාපොරොත්තු තියාගෙන හිටියේ උදාර වගේ ගතිගුණ තියෙන කෙනෙක්ට. ඉතින් මට එයාව ලැබුණා.
ඒ කියන්නේ හොඳම තෝරා ගැනීමද මේ කරලා තියෙන්නේ?
ඔව්. ඇත්තටම උදාර වගේ කෙනෙක් මට ලැබෙන්න මම වාසනාවන්තයි කියලා හිතනවා.
සහේලිගේ තෝරා ගැනීමට මවුපියන්ගෙන් බාධා ආවේ නැද්ද?
උදාර මගේ යාළුවෙක් නිසා අපේ අම්මලත් එයාව දැනගෙන හිටියා. ඒ නිසා අපේ සම්බන්ධයටත් එයාලගේ අකැමැත්තක් තිබුණේ නැහැ.
උදාරගේ පවුලේ අයටත් සහේලි සමීපද?
උදාරට ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි අක්කලා දෙන්නයි. එයාලා මට ආදරෙයි. එයාලගෙම කෙනෙක් විදියට තමයි එයාලා මට හැමදාම සැලකුවේ.
විවාහ ජීවිතේදී වගකීම් එක්ක සහේලිට සංගීත කටයුතුවලටත් කාලය වෙන් කරගන්න නිදහස ලැබෙයිද?
අනිවාර්යයෙන්ම. උදාර මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. අලුත් දෙයක් කරන්න එයා හැමදාම මාව උනන්දු කරවනවා. ඒ නිසා ඉදිරියටත් පවුල් ජීවිතය, වෘත්තීයමය ජීවිතය වගේම සංගීත ජීවිතයේ වැඩකටයුතු කරන්න එයාගෙන් හොඳ සහයෝගයක් මට ලැබෙයි.
සහේලි ලංකාවෙන් යන්නේ ගායිකාවක් විදියට යම් ප්‍රසිද්ධියක් ගොඩනැඟිලා තිබ්බ කාලෙක. එවැනි කාලයක ලංකාවෙන් ගිය එක සංගීත ජීවිතයට හානියක් කියලා හිතෙන්නේ නැද්ද?
මගේ අධ්‍යාපන කටයුතු නිසා තමයි මට යන්න වුණේ. ගීත ගායනයෙන් මගේ රසික රසිකාවියන්ට හොඳ නිර්මාණ දෙන්න මට කාලය තිබ්බේ නැහැ. ඒක ගැන මට දුකයි. නමුත් මම නිවාඩු කාලයේ ලංකාවට ආවම ගීත ගායනා කළා.
හැබැයි ඒ ගීත ඒ තරම් ජනප්‍රිය වුණේ නෑ නේද?
ඔව්. මම ලංකාවෙත් හිටියේ නෑනේ. ඒ නිසා මාධ්‍ය හරහා මගේ ගීත රසිකයන් අතරට ගෙනියන්න බැරි වුණා.
කැනඩාවලදී සංගීත කටයුතුවලට සම්බන්ධ වුණාද?
ඔව්. යුනිවර්සිටි එකේ ඉද්දිත් මම සංගීත කටයුතු කළා.
උදාරත් කලාවට ළැදි කෙනෙක්ද?
එයාට සෞන්දර්යාත්මක හැකියාවක් තියෙනවා. එයාට ලස්සනට චිත්‍ර අඳින්න, බටනලා වාදනය කරන්න වගේම සින්දු කියන්නත් පුළුවන්.
එහෙනම් වෙඩින් එකට දෙන්නම එකතු වෙලා ගීතයක් කළොත් නරකද?
අපි වෙඩින් එකේ එළි දක්වන්න ඩුවට් එකක් කළා. එයා ගායනා කරපු පළමුවැනි ගීතය මේක. “සසර පෙරදා බැඳුණු විලසේ” කියන ඒ ගීතය වෙඩින් එක දවසෙදි එළිදක්වනවා. ඒ ගීතය ලිව්වේ රඹුක්කන සිද්ධාර්ථ හිමියන්. සංගීතය කළේ අනුෂ්ක දසනායක.
දැන් දිගටම දෙන්නා සංගීත කටයුතුවලට සම්බන්ධ වෙයිද?
ඔව්. අපි දෙන්නා එකතු වෙලා ගීත කරන්න හිතාගෙන ඉන්නවා. ලංකාවෙන් යන්න කලින් මම මගේ තනි ගීතයකුත් කරලා යන්න තමයි හිතාගෙන ඉන්නේ.
සහේලි සංගීතයට ළැදි වුණත් වෘත්තිය විදියට තෝරාගන්නේ වෛද්‍ය වෘත්තිය. ඇයි ඒ?
මගේ වෘත්තීයමය පැත්ත වෛද්‍ය විද්‍යාව. මගේ විනෝදාංශය තමයි සංගීතය. මගේ බලාපොරොත්තුවක් තියෙනවා වෛද්‍ය විද්‍යාවට සංගීතය එකතු කරගෙන මියුසික් තෙරපි වගේ දෙයක් කරන්න.
අලුත් ජීවිතයක් පටන් ගනිද්දි අනාගත බලාපොරොත්තුත් ඇති?
විවාහයෙන් පස්සේ අපි ආයෙත් විදේශ ගත වෙනවා. වෘත්තීයමය කටයුතු කරන ගමන් සංගීත කටයුතුවලටත් ආයෙත් යොමු වෙන්න ඕන. මියුසික් තෙරපි ගැනත් හැදෑරීම් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අධ්‍යාපන කටයුතු නිසා අපේ විනෝදාංශ මඟ හැරෙනවා. ඉතින් ඉදිරියේදී අපි දෙන්නම කලාව පැත්තටත් යම් ඉඩක් වෙන් කරන්න හිතාගෙන ඉන්නවා.
ආයෙත් ලංකාවෙන් යන්නේ කවද්ද?
ජූලි මාසේ වගේ වෙද්දී අපි දෙන්නම ආයෙත් ලංකාවෙන් යනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ

(under the courtesy of adaderana news web)

Related posts

කොටුව ස්ටේෂන් එකේ වැසිකිළියක් ඇතුලෙ වෙච්ච වැඩක් – Video

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ දෝෂාභියෝගය නිසා අමෙරිකානු කොංග‍්‍රසයේ අර්බුධ – රිපබ්ලිකයින් පාක්ෂිකයින් දෙපිල බෙදෙයි

Shiran Viraj

බැතිමතුන් නොමැති කතරගම සත්තුත් අසරණ වෙති

Shiran Viraj