නිරෝෂා විරාජිනී ගැන මේ දවස්වල අන්තර්ජාලයේ අලුත් කතාබහක් ඇතිව තිබෙනවා. මේ ගැන නිරෝෂා සමග කළ සාකච්ඡාවකුයි මේ.
නිරෝෂා මොකද වෙන්නේ?
මේ දවස්වල විශේෂ වැඩකට කියලා තියෙන්නේ මම ඉන්න ගෙර අලුත්වැඩියා කටයුතු කිහිපයක් සිද්ධවෙනවා. මොකද හේතුව මම මේ විකුණන්න බලාගෙන තමයි ඒ ටික කරන්නේ.
ඇයි මේ ගේ හදිස්සියේ විකුණන්න හැදුවේ?
මම ටිකක් කොළඹ කිට්ටුවට එන්න හිතුවා. මේ වෙනකොට තැනක් එහෙම බලලා අරගෙන තියෙන්නේ. ඉතිං ඒකේ ගේ හදන්න අපිට එහෙමට ලොකු සල්ලියක් නැහැනේ. මේ ගේ විකුණලා ඒක හදනවා. මොකද මට ගෙවල් දෙකක් වැඩක් නැහැනේ.
පසුගිය කාලේ ආපු ප්‍රශ්න හින්දාද ගේ විකුණන්න හිතුවේ?
අනේ එහෙම දෙයක් නැහැ. මම ඇත්තටම කොළඹ කිට්ටුවට එන්න ඕනෑකමක් තියෙනවා.
ඇයි ඒ?
ප්‍රසංග වේදිකාවලට සම්බන්ධ වෙන්නේ නැහැ. මං ඇත්තටම ගෘහස්ථ ප්‍රසංගවලට විතරනේ යන්නේ. ඒ නිසා කොළඹට කිට්ටුවට ආවම මට පොඩි පහසුවක් තියෙනවා.
කොළඹ හිටියම සංගීත වැඩකටයුතුවලට පොඩි වාසියක් තියෙනවා. එහෙමද?
මම හිතන්නේ ඔව්. මගේ වැඩකටයුතු එක්ක ඇත්තටම කොළඹ හිටියොත් පහසුයි.
නිරෝෂා ගැන මේ දිනවල අන්තර්ජාලයේ හරියට කතාබහට ලක්වෙනවා?
ඒවානම් ඇත්තටම මිනිස්සු තමන්ගේ බඩගෝස්තරය හොයාගන්න කරන පහත් වැඩ විදිහටයි මම දකින්නේ. එතැන එකක්වත් සත්‍ය තොරතුරක් නැහැ. මගේ පරණ දේවල් අලුත් කර කර දාලා මිනිසුන්ගේ කුතුහලය ඇවිස්සීමනේ කරන්න හදන්නේ.
වෙබ් සයිඩ් තමන්ගේ බඩගෝස්තරය හොයාගන්න තමයි ඔය සේරම කරන්නේ. ඒවා ඉතිං මට නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒවායේ ඇත්ත නැත්ත දන්න මිනිස්සු දන්නවා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඔය කිසිදෙයකට සම්බන්ධවෙලා නැහැ. කිසිමදෙයක් දන්නෙත් නැහැ. ඒ ගැන මම කිසිම දෙයක් ප්‍රකාශ කරන්නෙත් නැහැ.
මේ ප්‍රශ්න හින්දා ඔබ සැලෙනවාද?
අපේ රටේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ කාගේ හෝ චරිතයක් ඝාතනය කරලා තමන්ගේ බඩගෝස්තරය හොයාගන්න. ඒකනම් ඒ ගොල්ලන්ගේ පරමාර්ථය ඒ අනුව ඔවුන් වැඩ කරනවා.
නීත්‍යානුකූලව කටයුතු කළානම් හොඳයි කියා හිතෙන්නේ නැතිද?
අපේ රටේ ජනාධිපති තමයි මුලින්ම නීත්‍යානුකූලව කටයුතු කරන්න ඕනෑ. දේශපාලනඥයන් සම්බන්ධයෙන් මොනතරම් මඩගැසීම් සිදුවෙනවාද? ඉතිං එහෙනම් මං වගේ කලාකාරිණියක් ගැන තව මොන කතාද? මිනිස්සුන්ගේ ජීවිත වවාගෙන කන්න නින්දිත කොටසක් මේ රටේ ඉන්නවා. මිනිස්සුන්ගේ මනස දියුණුවෙලා නැහැ. බොහොම පහත් තැනක තියෙන්නේ.
මේ දේවල් කරන්නේ ඔබේ ඉදිරි ගමන වළක්වන්නද?
ක්ෂේත්‍රයේ තරහකාරයෝ ගැන මම දන්නේ නැහැ. මගේ ජීවිතයේ මම තරහකාරයෝ ඇතිකරගත්තු කෙනෙක් නෙවෙයි. ඉතිං මොකක් හෝ නිසා මගේ නම ඈඳලා කතා කරනවා නම් මට ඒකට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ සිතුවිලි ගැන කියන්න දන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ කියලා.
(under the courtesy of adaderana news web)
previous post