28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  පුද්ගලයින් 25,000ක් පමණ තවදුරටත් සහන කඳවුරුවල රැදී සිටියි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ සහන කඳවුරු 226ක් තුල පවුල් 7,046කට අයත් පුද්ගලයින් 24,962 දෙනෙකු රැදී සිටින බවය.
පසුගිය දිනවල දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රීක්ක 12කට අයත් පවුල් එක්ලත්ෂ 84,265කට අයත් පුද්ගලයින් හත් ලක්ෂ 17,262 දෙනෙකු පීඩාවට පත් වු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මෙහිදී පුද්ගලයින් 214 දෙනෙකු මියගිය අතර තවත් පුද්ගලයින් 79 දෙනෙකු අතුරුදන්ව සිටියි.
මේ අතර ආපදා තත්ත්වයෙන් අනතුරුව සහන සේවා කටයුතු ත්‍රිවිද හමුදාව ඇතුළු පාර්ශවයන් විසින් සිදු කරනු ලබයි.
ආපදාවට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 165ක මුදලක් රජය මේ වන විට වෙන් කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

සැමියාගේ පදවලට උරේෂා ගැයූ අලුත්ම ගීය

Shiran Viraj

දිස්ත්‍රික්ක 14කට පානීය ජල ගැටළු

Shiran Viraj

තානාපති සේවයට තව පිරිස් ඉක්මනින් පත් කරන්න ඔ්නෑ..

Shiran Viraj