28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News Political

පළමු වතාවට ලංකාවේ ලොතරැයි දැන් පිටරට විකුණන්න හදන්නේ – දයාසිරි

කැබිනට් සංශෝධනයෙන් අනතුරුව අමාත්‍යවරුන්ට වෙන්කළ අමාත්‍යාංශ විෂයපථ සම්බන්ධයෙන් අද දිනයේත් දේශපාලන නියෝජිතයින් විවිධ අදහස් පළකලා.
– දයාසිරි ජයසේකර
– අර රවී කරුණානායක අපේ හිටපු මුදල් ඇමතිතුමාව අයින් කළා. දැන් ජාතික ලොතරැයි සහ විදේශ කටයුතු ඇමති. පළමු වතාවට ලංකාවේ ලොතරැයි දැන් පිටරට විකුණන්න හදන්නේ. ගිහිල්ලා විකුණන්න පුළුවන් ඉන්දියාවේ, එංගලන්තෙ, ඇමරිකාවේ, ලොතරැයි ලාබයි, ලාබයි, 20 යි 20 යි කිය කිය විකුණුව හැකි. විහිළු වැඩනේ අපේ හාමුදුරුවනේ. ජාතික ලොතරැයි මණ්ඩල පනතේ තියෙනවා මුදල් ඇමති තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පත්කරන්නෙ. දැන් මේ මේ විහිළු තමයි ඉස්සරත් කෙරුවෙ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ පවරගත්තා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට. ඒක හැමදාම තිබුණේ අධිකරණ අමාත්‍යාංශයේ. ඒකත් වැරදියි. රනිල් වික්‍රමසිංහ මහත්තයා පවරගත්තා මහ බැංකුව මුදල් ඇමතිගෙන් අයින් කරලා. ඒකත් වැරදියි. ඒක තමයි ඔය බැඳුම්කර වංචාව සිද්ධ වුණේ එතනින් තමයි. දැන් අද විදේශ කටයුතු ඇමතිට දෙනවා ලොතරැයි විකුණන්න. මීට වැඩිය හොඳයි රවී කරුණානායක ඇමතිතුමා මුදල් ඇමතිම තිබුණා නම්. ඔය ඔක්කොමත් එක්ක බදාගෙන ඉන්න දුන්නා නම් ඉවරනේ. අපි මේවට විරුද්ධයි. මේව කොන්ද කෙලින් තියාගෙන මොකෙක්වත් කතා කරන්නේ නැහැ අපේ හාමුදුරුවනේ.
– සරත් ෆොන්සේකා
– දැන් අපි එකසිය ගාණකට විතර හිටිය අමාත්‍යධුර භාගයකට විතර බැස්සුවානේ. එතකොට ඉතින් සමහර අමාත්‍යාංශවලට විශාල විෂයපථ සංඛ්‍යාවක් ඇතුළත කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එතනදී සමහර වෙලාවට එක ඇමති කෙනෙකුට එකට එක ගැලපෙන්නේ නැති විෂයන් වුණත් සමූහයක් එයා යටතට පත්කරන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවන් ඇතිවෙලා තියෙනවා. වෙනස්විය යුතු අමාත්‍යාංශ තියෙනවා මම තරයේ හැමදාම කිව්වා අධිකරණ අමාත්‍යාංශය නම් අනිවාර්යයෙන්
– විමල් වීරවංශ
– මෙහෙම විහිළු සපයන ආණ්ඩුවක් අපිනම් ඉතිහාසයේ කවදාවත් දැකලා නැහැ. එන්න කලින් නම් කිව්වේ විද්‍යානුකූලව විෂයන් වෙන් කරන ලද සුපිරිම අමාත්‍ය මණ්ඩලය මේ රටේ හදනවා කියලා. දැන් රටේ මිනිස්සු බඩ අල්ලන් හිනාවෙනවා මේකද විද්‍යානුකූල කියලා. අපි ඒක තමයි කියන්නේ බැරි කම තවත් පෙන්නන්න එපා බැහැලා යන්න. බැහැලා යන්නේ නැත්නම් මේ රටේ මිනිස්සු සෘදානම් බස්සන්න.
– නාමල් රාජපක්ෂ
– පුද්ගලයෙක් දෙන්නෙක් සතුටු කරන්න කැබිනට් සංශෝධනයක් කළා කියලා මේ රටේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ. බොරු ඇමතිවරු පත්කරන්නේ නැතුව කරුණාකරලා වැඩකරන්න. අනිත් එක යම් කිසි කෙනෙක් කියනවා නම් මේක මුදල් ඇමතිවරයා අයින් කරලා ඔවුන් ලැබුවේ විශාල ජයක් කියලා ඒක මේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ අවශ්‍යතාවට වෙච්ච තාවකාලික පැලැස්තරයක් විතරයි.
– වීරකුමාර දිසානායක
– මේ අමාත්‍යාංශ බෙදලා තියෙන්නේ මේ ආණ්ඩුව ආණ්ඩුවේ දේශපාලන ප්‍රශ්න විසඳගන්න මිසක් රටේ සංවර්ධනය ඉලක්ක කරලා නෙමෙයි. ඒ නිසා හරිම පැහැදිලිව පේනවා මේ ආණ්ඩුවේ අමාත්‍යාංශ බෙදීමෙන් ඉදිරි ගමනක් නැහැ කියලා තමයි පැහැදිලි වෙන්නේ.
– එස්. බී. දිසානායක
– මම හිතන්නේ නැහැ ඔය තීන්දුවට ජනාධිපතිතුමාගේ සතුටක් තියෙනවා කියලා. පෞද්ගලිකව අපිත් නම් හිතන්නේ ඒක සුදුසු නැහැ කියලා.
– රාජා කොල්ලුරේ
– ඇමති මාරුව මහ විහිළුවකට ලක්වෙලා තියෙනවා. විදේශ ඇමතිට භාරදීලා තියෙනවා ලොතරැයි. අද කාටුන් එකක පෙන්නුම් කරලා තිබෙනවා මීළඟ ලොතරැයිය අහවල් රටේ තමයි අදින්නේ කියලා.
– චන්ද්‍රසිරි ගජධීර
– ඕන ඔළුව ඕන පුටුවට ගත්තා නම් ප්‍රශ්නයක් නැහැ. මෙය අවිද්‍යාත්මකයි. මේ අයට මේ රට විද්‍යාත්මක විදිහට හරියට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? පැරණි ආණ්ඩුවේ තිබුණ අඩුපාඩු හඳුනාගෙන ඒවා හදාගන්නේ කොහොමද කියන එක තාම අවබෝධයක් නැහැ.
(under the courtesy of hirunews news web)

Related posts

ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..

Shiran Viraj

උපන්දින සුබ පැතුමට මෝදිගෙන් පිළිතුරු

Shiran Viraj

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූවන්ට කඩිනමින් ඉඩම් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj