mediahumanrights.lk
Local NewsNews

දඩ ගෙවාගන්න බැරි රියදුරන්ට මෙන්න අවස්ථාවක්

තැපැල් සේවක වර්ජනය හේතුවෙන් රථ වාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වී සිටින රියදුරන්ට සහනයක් ලබා දීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
පොලිස් රථ වාහන හා අපරාධ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා සඳහන් කළේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් දඩ පත‍්‍රිකා ලබා ගෙන ඇති රියදුරන් අදාළ පොලිස් ස්ථානයට ගොස් රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා හමුවිය යුතු බවයි.
එහි දී අදාළ ස්ථානාධිපතිවරයා විසින් දඩ පත‍්‍රිකාවේ ඒ පිළිබඳ සටහනක් තබා ඔහුගේ නිල මුද්‍රාව සහිත සහතිකය ද තබන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.
එලෙස සටහන් තබන දඩ පත‍්‍රිකාවට අදාල රියදුරු බලපත‍්‍ර අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන බව ද ප‍්‍රකාශ කෙරුණා.
තැපැල් සේවක වර්ජනය අවසන් වූ වහාම අදාල දඩ මුදල ගෙවා රියදුරු බලපත‍්‍රය ලබා ගත යුතු බවයි නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

සැත්කම් කාමරයක ගැබිනි කාන්තාවකගේ උදරය කපා වෛද්‍යවරු දෙපළක් රණ්ඩු වෙයි- දරුවාත් මියයයි

Shiran Viraj

උපුල් තරංග තමාට සිදුවූ කැපිලි ගැන ක්‍රික් ඉන්ෆොට හෙළි කරයි

Shiran Viraj

සාමාන්‍ය පෙල විභාග මධ්‍යස්ථාන ගංවතුරට යටවෙයි…

Shiran Viraj
Translate »