28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

තැපැල් වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද(14) දෙවන දිනටත් ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
එහි කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේ පසුගිය 12 වනදා මධ්‍ය රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය සඳහා මෙතෙක් නිසි පිළිතුරක් අදාළ බලධාරීන්ගෙන් ලැබී නොමැති බවයි.
තැපැල් සේවකයන්ගේ පැය 48ක වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට තැපෑලේ ලිපි ලක්ෂ ගණනක් ගොඩගැසී ඇති බවද ඔහු කියා සිටියේය.
තම වෘත්තීය ගැටළුවලට විසදුම් ලබාදීමට බලධාරීන් කටටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී අඛන්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

ජොන්ස්ටන්ගෙන් කුරුණෑගලටත් මොරටු ක‍්‍රමය… එන්නත් ටෝගන් 10,000ක්..

Shiran Viraj

ගාල්ලෙන් කොරෝනා රෝගින් 121ක්…

Shiran Viraj

රහස්‍යභාවය ආරක්ෂා කිරීම..මූල්‍ය භාවිතය ගැන පරීක්ෂණ – විභාග ලොක්කාව හදිසියේ මාරු කළ හේතුව මෙන්න

Shiran Viraj