29.5 C
Colombo
2026-09-22
mediahumanrights.lk
Local NewsNews

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදින් ඇරඹෙයි

තුන් මාසික ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදින් ආරම්භ වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මකය.
ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබේ.
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 53,000ක් පමණ වාර්තා වී ඇති අතර පුද්ගල මරණ 150ක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
තුන් මාසික ඩෙංගු මර්දන වැඩසටහන යටතේ සෑම සතියකම සිකුරාදා දිනයන්හි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, පැයක කාලයක් සිය පරිශ්‍ර පවිත්‍ර කළ යුතු වෙයි.
පාසල් පද්ධතිය පවිත්‍ර කිරීම විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ දරු දැරියන් විසින් සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
නිවාස පරිශ්‍ර සතියකට වරක් පවිත්‍ර කළ යුතු අතර එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.
හදිසි ආපදාවට ලක් නොවූ දිස්ත්‍රික්ක හතක මෙම ඩෙංගු මර්දන ජාතික වැඩසටහන පළමුව ආරම්භ කිරීමට නියමිතය.
ගංවතුර බැසයාමෙන් පසු ඩෙංගු රෝගය යළි වැඩිවිය හැකි බැවින් එය මර්දනය කිරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

'බන්දුල කියන තරමක් කියන්නේ ටොම් පච'

Shiran Viraj

සයිටම් වෙඩි ඩ්‍රාමා එක පසුපස සිටින අකුරු දෙකේ දේශපාලකයා කවුද?

Shiran Viraj

සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. නාඩු තොග මිලත් 100 පනී..

Shiran Viraj
Translate »