mediahumanrights.lk
Local News News

ජලගැලීම් තත්ත්වය පහව යයි

දිස්ත්‍රික් රැසකට බලපා තිබූ ජලගැලීම් තත්ත්වය මේ වන විට කමයෙන් පහව ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහෙත් ද්ස්ත්‍රික්ක කිහිපයක තවදුරටත් සුළු ජලගැලීම් තත්වයක් පවතින බව වාර්තා වෙයි.
ජලගැලීම් හේතුවෙන් ඇණ හිට තිබූ මාර්ග රැසක ගමනාගමන කටයුතු ද මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ප්‍රධානී එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
මේ අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක පුද්ගලයින් හයලක්ෂ 30,082කු මේ වන විට පීඩාවට පත්ව සිටියි.
පවුල් 19,019කට අයත් පුද්ගලයින් 73,561 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වල රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ වන විට පුද්ගල මරණ 203ක් වාර්තා වන අතර තවමත් පුද්ගලයින් 96 දෙනෙකු අතුරුදන්ව සිටින බව සඳහන්ය.
(under the courtesy of adaderana news web)

Related posts

‘අපේ මෛත‍්‍රි ජනාධිපති අපි බලාගන්න සූදානම්’ – හිටපු ජනපති මහින්ද කියයි

Shiran Viraj

වරාය සේවකයෝ වසරකට මිලියන සියයක කාලා – වරාය අධිකාරියේ සභාපති කියයි

Shiran Viraj

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 151 දෙනෙකු දක්වා ඉහළට

Shiran Viraj