2026-09-15
mediahumanrights.lk
Local NewsNewsPolitical

ගෝඨාභයගේ පෙත්සම ඔක්තෝම්බර් 24 ට කල්දායි

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දමා තිබේ.
පෙත්සම අද (15) කැඳවූ අවස්ථාවේදී අග්‍ර විනිශ්චකාර ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසින් එය ඔක්තෝබර් 24 වනදා විභාග කිරීම සිදුකරන බවට දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
මිග් යානා ගනුදෙනුව ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවත් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර පනවා තිබූ තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තුරු ක්‍රියාත්මක වන බව මෙහිදී අග්‍ර විනිශ්චකාර ප්‍රියසාද් ඩෙප්ත් මහතා  ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසින් දැනුම් දී ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

කොළඹ ආදාහනාගාර 75ක විශාල ලෙස ආදාහනය කරනවා.. විශාල තොරතුරු සැගවීමක්..

Shiran Viraj

අත්අඩංගුවට ගන්න එපා – ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

Shiran Viraj

පෞද්ගලික බැංකුවක් කොල්ලකයි – කොල්ලය වැළැක්වීමට ගිය ආරක්ෂකයෙකු වෙඩිකයි

Shiran Viraj
Translate »