28.3 C
Colombo
2026-08-12
mediahumanrights.lk
Local NewsNewsPolitical

කොළඹ හදවත ඉන්දියානුකරණය කිරීම ගැන ඒකාබද්ධය පවසයි

ආණ්ඩුව ප්‍රධාන ප්‍රශ්න එලෙසින්ම තිබිය දී ඉතාම සූක්ෂම ලෙස ජනතාවගේ අවධානය වෙනතකට යොමු කර රාජ්‍ය දේපළ, වත්කම් හා ජාතික සම්පත් විජාතීයකරණය කිරීමට උත්සහ ගන්නා බවත් කොළඹ නගරයේ හදවත වු ඩී.ආර්.විජේවර්ධන මාවත සම්පූර්ණයෙන්ම ඉන්දියානුකරණය කරමින් පවතින බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද(20) පැවති ඒආර්ථික පර්යේෂණ එක්කයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ කියා සිටියේය.
වාණිජ වටිනාකමින් ඉහළම අගවක් ගන්නා මෙම ප්‍ර දේශයේ පර්චස් එකක  ඉඩම් කැබැල්ලක් ලක්ෂ 200 ක වටිනාකමින් ඉන්දියානු සමාගම් සඳහා විකුණා දැමීමට වෙන් කර ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් අදහස් පළ කර සිටියේය.
සතොසට අයත් අක්කර 3 යි පර්චස් එකක් චෙන්නායි ඉන්දියා නැමති සමාගමට ලබා දෙන බවත් මිශ්‍ර සංවර්ධනයක් සඳහා තට්ටු 75 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් එහි සෑදීමට නියමිතව ඇති අතර එහි වටිනාකමක් මෙතෙක් දක්වා නොමැති අතර ඒ සඳහා ව්‍යාපෘති වටිනාකම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 857 ක් දක්වා ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ජාතිය සතු වටිනාම සම්පත් මෙලෙස විජාතීයකරණයට විරුද්ධව අද කිසිවෙක් කතා නොකරන බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් ඩී.ආර්.විජේවර්ධන මාවත ප්‍රවර්ධනය කළ හැකි ව්‍යාපාරික පන්තියක් ලංකාව සතු බවත් මෙවැනි විජාතීයකරණයකට කැබිනට් අනුමැතිය කිසි විටෙකත් ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

නිල්වලා ගඟේ ඉවුරු කැඩී යෑමේ අවධානමක් – ගම්මාන රැසක ජනතාව ඉවත් කරයි

Shiran Viraj

වෙදලසැලකදී කාන්තාවන් සිවු දෙනෙකු නිරුවත් කර පහර දෙති…

Shiran Viraj

IMF ණයට හම්බන්තොට වරාය ගිවිසුම හරහට හිටී…

Shiran Viraj
Translate »