mediahumanrights.lk
Local NewsNewsPolitical

කොළඹ සතොසට අයත් ඉඩමක් ඉන්දියාවට දෙන්න හදයි ?

කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි සතොසට අයත් අක්කර ගණනක ඉඩමක් ඉන්දීය සමාගමකට අලෙවි කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රකාව අද(13) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද(13) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
ඉන්දීය සමාගම් විකාරරූපි ලෙස අපේ සම්පත් සුරා කමින් සිටින බවත් තමා පසුගිය ආණ්ඩුවේ වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී ආරක්ෂා කළ ඉඩමක් මෙලෙස විකුණා දැමීමට යෑම ජාතික අපරාධයක් බවත් බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මේ අතර 2015 වසරට වඩා 2016 දී විදේශ ණය සඳහා ගෙවු පොළිය අඩු වී තිබුණ ද එහි ප්‍රතිලාභයන් රටට හිමි නොවු බවත් පසුගිය වසර තුළ ලෝක ඛනිජ තෙල් මිල අඩු වීම නිසා රටට හිමි වු ලාභයෙන් ණය පියවීමට හැකියාව තිබු බවත් රජය ඒ පිළිබඳ කිසිදු අනාවරණයක් රටට සිදු නොකළ බවත් මන්ත්‍රීවරයා මෙහිදි ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

සමාජ සත්කා­රය වෙනු­වෙන් ම කැප වූ විෂම භාග

Shiran Viraj

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…

Shiran Viraj

නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..

Shiran Viraj
Translate »