2026-09-23
mediahumanrights.lk
Local NewsNewsPolitical

කොළඹ කුණු දින 4න් ඉවත් කළ යුතුයි

කොළඹ නගරය ආශ්‍රිතව ගොඩගැසී ඇති අපද්‍රව්‍ය දින 04ක් ඇතුළත ඉවත් කිරීමට පියවර ගත යුතු බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ත්‍රිවිධ හමුදාව හෝ යොදවා අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගත යුතු බවයි.
රාජ්‍ය ආයතනවල කඹ ඇදීම තුළින් ජනතාව පීඩාවට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.
මේ අතර කොළඹ නගර සභාවට අයත් ප්‍රදේශවල පරිසරයට කසල බැහැර කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා පවසයි.
කසල බැහැර කිරීම සම්බන්ධයෙන් රජය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ද සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

Shiran Viraj

නව ආයෝජන කැදවා ශ්‍රී ලන්කන් ලාබ හොයන්නැයි ජනපති දන්වයි…

Shiran Viraj

අමෙරිකානු ජනාධිපතිවරණ අවසන් ප‍්‍රථිඵලය තවදුරටත් කල් යයි

Shiran Viraj
Translate »