28.9 C
Colombo
2026-08-05
mediahumanrights.lk
Local NewsNews

කොළඹ අනවසරයෙන් කසළ බැහැර කළ 154ක් අල්ලයි

බස්නාහිර පළාත තුළ අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 154 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී  ලංකා යුධ හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව වැටලීම් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.  කොළඹ උතුර, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ, නුගේගොඩ, ගල්කිස්ස, ගම්පහ, කැලණිය, මීගමුව, කළුතර සහ පානදුර යන ප්‍රදේශ වල සිදුකළ වැටලීම් වලදී අදාළ පිරිස අත්අඩංගුවට ගත් බව සඳහන්වේ.වැඩිම පිරිසක් නුගේගොඩ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.එම ප්‍රදේශයෙන් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පහ ප්‍රදේශයෙන් 25 දෙනෙකුද, කැලණියෙන් 27 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව නඩු පවරා ඇති අතර ඉදිරියටත් මෙවැනි වැටලීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව පොලීසිය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…

Shiran Viraj

පාකිස්තානය ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් අවසන් මහා තරගයට ඇතුලු වෙයි

Shiran Viraj

ඩොලරය යළිත් ඉහළ යයි

Shiran Viraj
Translate »