mediahumanrights.lk
NewsSportsSports News

"කැල්වරි සුපර් ක්‍රොස්" ධාවනයට සියල්ල සූදානම්

ශ‍්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය විසින් පවත්වනු ලබන කැල්වරි සුපර් ක්‍රොස් ධාවන තරගාවලිය සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙවර තරගාවලිය සඳහා විදෙස් ක‍්‍රීඩකයින් ද එක්වන බවයි තරගාවලියේ ප‍්‍රධාන සංවිධායක බි‍්‍රගේඩියර් ඉදුනින් රණසිංහ කියා සිටියේ.
තරගාවලියේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාවට නංවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ශ‍්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ද බලකාය විසින් පවත්වනු ලබන කැල්වරි සුපර් ක්‍රොස් ධාවන තරගාවලිය ක‍්‍රියාත්මක වන්නේ 2010 වසරේ සිටයි.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන තරඟ අතර ප්‍රමුඛතම තරඟාවලියක් වන “කැවල්රි සුපර් ක්‍රොස් 2017 “ ලබන ජුලි මස 7 වන දා කුරුණැගල පාන්ගොල්ල  ධාවන පථයේදී ඇරඹිමට නියමිතයි.  ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය (SLAC) සහ ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ  ධාවකයින්ගේ සංගමය  (SLARDAR) ඒකාබද්ධව මෙම තරඟාවලිය සංවිධානය කරයි.
(under the courtesy of nethfm news web)

Related posts

කළුතරට පැය 16ක ජල කප්පාදුවක්

Shiran Viraj

ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අද

Shiran Viraj

ඊශ‍්‍රායලය සමග රාජතාන්ත‍්‍රික සබදතා අතහරින්නැයි හකීම් රජයෙන් ඉල්ලයි…

Shiran Viraj
Translate »