25 C
Colombo
2025-12-10
mediahumanrights.lk
Local NewsNews

උපාධිය අරගෙන සතියයි- පොඩි මැණිකෙට පැන දිවිනසාගත් කෙල්ලගේ සංවේදී කතාව

පේරාදෙණිය සරසවි සිසුවියක් පේරාදෙණියේදී පොඩි මැණිකේ දුම්රියට පැන සිය දිවි නසාගෙන තිබේ. කොළඹ සිට බදුල්ල දක්වා ගමක් කරමින් තිබූ දුම්රියට ඇය පැන ඇත්තේ අද පෙරවරු 9.30ට පමණය. මියගිය සිසුවිය පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය ගැන ෆේස්බුක් වෙබ් අඩවියේ කුමාර නමැත්තෙකුගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබූ සංවේදී සටහනක් පහතින් දැක්වේ.
කාඩ් එක ගෝමරී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ. මෙවර උපාධි සම්පූර්ණ කලේ. ඇත්තෙන්ම දුකයි. ඇයගේ ඉරණම ගැන. ඒ වගේම තරහයි. ⁣ජීවිතේට මූණ දෙන්න තරම් ආත්ම ශක්තියක් නොමැතිවීම ගැන. මේවා සමාජයට ඉතා බිහිසුණු ආදර්ශ. මෙවන් දේ නොවන්නට, අධ්‍යාපන ක්‍රමය පොතට පමණක් සීමා නොකොට සාරධර්ම සමග ක්‍රමයෙන් මුසු කළ යුතුයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨහේ ඉගෙනුම ලැබ 2017.05.25 (ගිය සතියේ) වන දින උපාධි උත්සවයේ උපාධිය රැගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම විද්‍යා පීටයේ demonstrator ලෙස සේවය කර ඇති ඇය නමින් ගෝමරී (Card) ලෙස මිතුරන් අතර කෙළිලොල් විය. ඒත් ක්ෂණිකව ගත් වරදි තීරණයක් නිසා ඇය මෙසේ දිවී තොරකරගත්තේ කොළඹ බදුල්ල යකඩ යකාට බිලි වෙමිනි. තම පෙමිවතා තවත් මාසයකින් දෙකකින් තවත් තුරුලක උණුසුම සොයා ගනී. ඒත් නැගෙණිය උඹ වැදූ අමිමා තාත්තා සහෝදරයෝ තාමත් උබේ උපාධි ජායාරෑපය තුරැලු කරන් මිනිය ගේනකම් ගෙදර බලන් ඇති…
(under the courtesy of adaderana news web)

Related posts

භාරතයේ දේවිය ධර්මා ලංකාවේදී යශෝධරා වූවාය….

Shiran Viraj

අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..

Shiran Viraj

අලි ගහනය පාලනයට නව වැඩපිළිවෙලක්

Shiran Viraj
Translate »