mediahumanrights.lk
Local News News

අනතුරින් දරුවෙකු සහ තවත් අයෙකු මරු දකියි

ඇහැළියගොඩ ධර්මපාල විදුහල අසලදී සිදු වූ රිය අනතුරකින් දරුවෙකු සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ත්‍රී රෝද රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රී රෝද  රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙකු ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ ඇහැළියගොඩ ප්‍රදේශයේම පදිංචි 7 හැවිරිදි දරුවෙක් සහ 50 හැවිරිදි පුද්ගලයෙකි.
කැබ් රථයේ රියදුරුගේ අධික වේගය සහ නොසැලකිලිමත් කම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණව වූ බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇහැළියගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

මහින්ද අති දැවැන්ත ගාළු මුවදොර පිටියේ ජනරැළියක් කැදවයි..

Shiran Viraj

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ. උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකා…

Shiran Viraj

කොළඹ කොටස් පිම්මේ උඩ යයි…

Shiran Viraj