25 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNewsPolitical

හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීම නෑ

හෙට දිනට නියමිත කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව වාර්තා වනවා. ඊට එක් හේතුවක් වන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වනවිට දිවයිනේ රැඳී නොසිටීමයි.
එමෙන්ම ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල හේතුවෙන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කාර්ය බහුල වීම ද මෙලෙස කැබිනට් රැස්වීම අවලංගු කිරීමට හේතු වී තිබෙනවා.
නියමිත පරිදි කැබිනට් රැස්වීම ලබන සතියේ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
කෙසේ වෙතත් ඊට පෙර කැබිනට් සංශෝධනයක් සිදු වනු ඇති බවට ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එසේ වුවහොත් නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම පැවැත්වෙන්නේ ලබන 23 වන අඟහරුවාදායි.
(under the courtesy of nethfm news web)

Related posts

මුස්ලිම් මිනී පුච්චන නිසා මුස්ලිම් ජනයා දැඩි කණගාටුවෙන්.. ගැසට්ටුව වෙනස් කර භූමදානය කරන්න දෙන්න..- බදියුදීන්

Shiran Viraj

තවත් 06කට කොරෝනා.. දැන් 244යි…

Shiran Viraj

ඇයට තවත් සම්බන්ධතා තිබ්බා – යතුරු පැදියේ සීට් කවරය යට ජංගම දුරකතන දෙකක් තිබ්බා – මොණරාගලදී පෙම්වතියගේ ගෙල සිරකර මැරූ ඝාතකයා පොලිසියට වමාරයි

Shiran Viraj
Translate »