mediahumanrights.lk
Local NewsNews

වර්ජනය ක්‍රියාත්මකයි – රෝහල් ප්‍රතිකාර අඩපණයි..ගුරුවරුන්ගේ කැපී පෙනෙන අඩුවක් නෑ

මාලඹේ සයිටම් ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් ඉටුකර ගැනීම සදහා වූ  ඒකාබද්ධ වැඩවර්ජනය මේ වනවිට පැවැත්වෙනවා.
වෛද්‍යවරුන් සහ සෙසු ශ්‍රේණිවල ඇතැම් සෞඛ්‍ය සේවකයන්ද මේ වනවිට වැඩවර්ජනයේ  නිරත වී සිටිනවා.
මේ නිසා රෝහල් බොහොමයක බාහිර රෝගී අංශයන්හි සහ සායනවල ප්‍රතිකාර සේවා අඩාල වී තිඛෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. මෙම වැඩවර්ජනය පිළිබද කල්ඇතිව දැනුම් දී තිබුණද ප්‍රතිකාර ගැනීම සදහා රෝගීන් අදත් රෝහල් වෙත පැමිණ සිටියා.
ප්‍රතිකාර නොලබා ඔවුන්ට නැවත නිවෙස් කරා යාමට සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් කියාසිටියේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහාය පළ කරමින් තමන්ද අද වැඩවර්ජනයේ යෙදී සිටින බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං කියාසිටියේ ගුරුවරුන්ගෙන් සියයට 50 ක් පමණ අද සේවයට වාර්තා කර නොමැති බවයි.
පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීම පිළිබද නෙත් නිවුස් ප්‍රාදේශීයවද විමසා බැලීමක් කළා. පාසල් බොහොමයක විදුහල්පතිවරුන් පැවසුවේ ගුරුවරුන්ගේ පැමිණීමෙහි කැපී පෙනෙන අඩුවක් සිදුවී නොමැති බවයි. ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද ප්‍රකාශ වුණා.
කෙසේවෙතත් ඇතැම් පාසල්වල සිසුන්ගේ පැමිණීම තරමක් අඩුවී තිඛෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

රනිල් කරන දේ ඕනෑම කෙනෙකුට කළ හැකි සරළ ක්‍රියාවක්..

Shiran Viraj

සචිත‍්‍ර සේනානායක අත්අඩංගුවට ගනී..

Shiran Viraj

වහා ඉන්ධන මිල වැඩි කරන්න.. නැතොත් බැංකු පද්ධතිය ඉවරයි..- මහ බැංකු අධිපති දැනුම් දේ…

Shiran Viraj
Translate »