mediahumanrights.lk
Local NewsNewsPolitical

යළිත් රාජපක්ෂවරුන් බලයට එයි? – ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

නව ආණ්ඩුව බලයට පත් වී දෙවසරකට වැඩි කාලයක් ගත වී ඇතත්, ජනතාවට දුන් පොරොන්දු බොහොමයක් ඉටුකිරීමට අපොහොසත්වීම හමුවේ යළිත් වරක් රාජපක්ෂවරුන් බලයට පත්වීමේ හැකියාව බැහැර නොකළ යුතු බවට ජාත්‍යන්තර සංවිධානයක් ආණ්ඩුවට අනතුරු අඟවයි.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව දීර්ඝ වාර්තාවක් නිකුත් කරමින් ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (International Crisis Group – ICG) එම අනතුරු ඇඟවීම සිදු කරයි.
සන්ධාන ආණ්ඩුවේ පළමු මාස නමය ඇතුලත බොහෝ ජයග්‍රහණ ලබාගැනීමට සමත් වූ නමුත් ඉන් අනතුරුව ගතව ගිය කාලය තුළ එයින් ඉදිරියට යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකතත්වයෙන් යුතු ආණ්ඩුව අපොහොසත් වූවා පමණක් නොව ඇතැම් අංශවල ප්‍රගතිය පවා ආපසු හරවා ඇති බවත් ICG ආයතනය සඳහන් කරයි.
“ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමයක් සහ දේශපාලාන පක්ෂ හා වාර්ගික පදනම මත සහයෝගය වර්ධනය කිරීමේ දුර්වල අපේක්ෂා පවා අනතුරුදායක තත්වයක පවතී,” යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.
මැතිවරණ වේදිකාවේදී පොරොන්දු වූ ප්‍රකාර දූෂිතයන්ට දඬුවම් කිරීමට අපොහොසත්වීම, දේශපාලන ඝාතන සම්බන්ධයෙන් කිසිවෙකුත් දඬුවම් නොලැබීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට අපොහොසත්වීම, රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය ප්‍රතිසංවිධානය නොකිරීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට සහ ආර්ථිකය යළි ගොඩනංවන බවට දුන් ප්‍රතිඥා ඇතුළු පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව වාර්තාව දීර්ඝ විස්තරයක් කරයි.
ICG ආයතනය පෙන්වාදෙන පරිදි, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂපාතී කණ්ඩායම් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂපාතා කණ්ඩායම් අතර පවතින කඹ ඇදීම් හේතුවෙන් ජනාධිපතිවරයාට පක්ෂපාතී කණ්ඩායම් සංහිඳියාව සහ යහපාලනය සම්බන්ධ ප්‍රධාන ප්‍රතිසංස්කරණවලට විරෝධය දැක්වීම ප්‍රතිඥා ඉටුකිරීම ප්‍රමාදවීමට තවත් ප්‍රධාන හේතුවකි.
මේ තත්වය හමුවේ, “කාලය ඉතා ඉක්මනින් ගෙවී යමින් පවතී. රාජපක්ෂවරුන්ගේ යළි ආගමනය පිළිබඳව පක්ෂ දෙකේම (ශ්‍රීලනිප සහ එජාප) නායකයන් නොසලකා හැරිය යුතු නැත,” යනුවෙන් ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරයි.
(under the courtesy of asianmirror news web)

Related posts

මම අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවා

Shiran Viraj

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට පුද්ගලයන් මෙහෙයවූ නායකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සාගර කාරියවසම් පවසයි

Shiran Viraj

එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරා

Shiran Viraj
Translate »