27.8 C
Colombo
2026-08-03
mediahumanrights.lk
Local NewsNewsPolitical

මෙතෙක් නොදුන් විශේෂ දිවුරුමක් අලුත් වෛද්‍යවරුන්ගෙන් ගනී

මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවයේ නිරත වන බවට නවක වෛද්‍යවරුන්ගෙන් ප්‍රථම වරට දිවුරුමක් ලබා ගෙන තිබෙනවා. නවක වෛද්‍යවරුන් මෙලෙස දිවුරුම් දීම සිදු වුයේ ප්‍රථම වරටයි.
වෛද්‍යවරුන් මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවාවේ නිරතවීම පිළිබඳව විශේෂ දේශණ ද මෙහිදී පවත්වා තිබෙනවා. තවද මෙම වෛද්‍යවරුන්ට සිය ලියාපදිංචි සහතිකය නිල වශයෙන් බාරදීම ද මෙහිදී සිදූ කෙරුණා.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1200 ක් මෙම දිවුරුම් දීමේ උත්සවයට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (15) එක්වුණා.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් රචිත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිල ගීතය ද මෙහිදී එළිදැක්වුණා.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ කථාව මෙම උත්සවයට ඉදිරිපත් කරන ලද්දේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විසිනි. ඊට හේතු වූයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදේශගතවීමයි.
එමගින් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ “වෛද්‍ය වෘත්තිය සම්මානනීය වෘත්තියක් බවයි. ඕනෑම අභීයෝගයකට මුහුණ දී රෝගී ජිවිත බේරා ගැනීමට වෛද්‍යවරුන් අද ලබාදෙන දිවුරුම මගින් පොරොන්දූ වෙනවා. හිපොක්‍රටික් දිවුරුම ලියවී ඇත්තේ ක්‍රිස්තුපුර්ව 05 වන ශත වර්ෂයේයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හිපොක්‍රටික් හදූන්වනවා. මෙම ප්‍රතිඥාව අර්ථයට හානි නොවන අයුරින් සෞඛ්‍ය සේවාව සඳහා වෛද්‍ය වෘත්තිකයින් භාවිත කළ යුතුයි. මෙම ප්‍රතිඥාව අවස්ථා කිහිපයකදීම නව්‍යකරණය ලක්කර තිබෙනවා. එහිදී මුල් ප්‍රතිඥාවට හානි නොවන අයුරින් නව්‍යකරණය කිරීම විශේෂිතයි. අද දින නවක වෛද්‍යවරුන් මෙම ප්‍රතිඥාව ලබාදීමෙන් ජනතාවට සේවය කිරීම ආරම්භ කරනවා. එය දිගු ගමනක්. නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබූ ඔබ සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ වගකීම ඉටු කළ යුතුයි. අද වෛද්‍ය විද්‍යාව දියුණුවට පත්ව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ද සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා.” යනුවෙනි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ඇතුලු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරීන් රැසක් එක්ව සිටියා.
(under the courtesy of nethfm news web)

Related posts

31-04 සංචරන ලිහිල නෑ… 07 දක්වාම ගෙදර..

Shiran Viraj

සම්මතයට පිටින් ගිය අයියාට සහ නංගීට දාව උපන් පුංචි පුතු කඳුළක් ඉතිරි කරමින් අවසන් ගමන් යයි

Shiran Viraj

අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්

Shiran Viraj
Translate »