32.2 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

බත්තරමුල්ල අවට රජයේ සේවකයින්ට එන්න යන්න සහන වෙලාවක්

බත්තරමුල්ල ප්‍රදේශය අවට රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2016 නොවැම්බර් සිට 2017 ජනවාරි දක්වා මාස තුනක කාලසීමාවක් තුළ බත්තරමුල්ල පරිපාලන ප්‍රදේශයේ පිහිටි රජයේ ආයතන වෙත පැමිණි රථවාහන සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයක් අනුව මෙම තීරණය ගෙන ඇත.
එම ප්‍රදේශයේ  කාර්යාලයට පැමිණීම සඳහා පෞද්ගලික වාහන හෝ රාජකාරි වාහන භාවිත කරන නිලධාරින්ගෙන් 58%ක් පමණ පෙරවරු 7.00 සිට පෙරවරු 9.30 දක්වා රාජකාරියට පැමිණීම සඳහාත්, පස්වරු 3.00ත් පස්වරු 5.30ත් අතර රාජකාරි අවසන් කර කාර්යාලවලින් පිටවීම සඳහාත් එකී වාහන භාවිත කරන බව හෙළි වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, පෙරවරු 7.30 සිට පෙරවරු 9.15 දක්වා ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමටත්, රාජකාරි කටයුතු ඉටු කළ යුතු නියමිත කාලය නිමවීමෙන් පසු පස්වරු 3.15 සිට පස්වරු 5.00 දක්වා ඕනෑම අවස්ථාවක කාර්යාලයෙන් බැහැරව යාමටත් හැකි වන පරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි කාර්යාලවල සුනම්‍ය කාර්යාල වේලාවන් සහිත නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීම පිණිස එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පැවරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

කටුනායක කලාපේ විශාල පිරිසකට කන්න නෑ.. බෝඩිං කාමරයේ හිරවෙති..

Shiran Viraj

පාසල් නිල නිවාසයේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කළ ක්‍රීඩා ගුරුවරයෙකු අත්අඩංගුවට

Shiran Viraj

ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද : ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනකු කමිටුවේ සාමාජිකත්වයට

Shiran Viraj
Translate »