31 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

අම්බලන්තොට වෙඩිතැබීම-තිදෙනෙක් දැලේ

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී අම්බලන්තොට, සමාධිගම ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී සැකකරුවන් විසින් පසුගිය 15 වනදා අදාළ වෙඩි තැබීම සිදුකර තිබූ බව සඳහන්ය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු වන අතර ඔවුන් අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

රාජ්‍ය අධ්‍යාපනය කප්පාදුවට! ගුරු විද්‍යාල කිහිපයකුත් වැසිලා

Shiran Viraj

වවුනියාවේ ගෙවත්තකින් අත්බෝම්බයක් සොයාගනී

Shiran Viraj

අටලුගම ආසාදිතයෝ රටටම කොරෝනා බෝ කරන තැතක.. බස් රථවල ජනේල ඇර පාර පුරා කෙල ගසති..

Shiran Viraj
Translate »