29 C
Colombo
2026-03-02
mediahumanrights.lk
LIFELIFE NEWSNews

පැතිකුදය සුවකර ගැනීමට ප්‍රතිකාර තිබේ

කොඳුඇට පෙළ ඇදවීම (පැති කුදය) බොහෝ විට දක්‌නට ලැබෙන රෝගයකි. බහුතරයක්‌ මෙම රෝගයට ගොදුරු වන්නේ වැඩිවියට පැමිණෙන්නට ආසන්න කාලයේ සහ වැඩිවියට පැමිණීමත් සමඟය. පිරිමි දරුවන්ට වඩා ගැහැනු දරුවන් අතර රෝගය දක්‌නට ලැබේ.
හේතුව හරිහැටි සොයාගෙන නැතත් මෙම කාල සීමාව තුළ ඇතිවන හෝර්මෝන වෙනස්‌වීම මේ සඳහා හේතුවක්‌ විය හැකි බව පෙනේ. හෝර්මෝන වෙනස්‌වීම මත අස්‌ථින් සහ අස්‌ථි බන්ධනවල ඇතිවන අධික තද ගතිය නිසා පැතිකුදය ඇතිවන තත්ත්වයක්‌ බහුතර මතයයි.
එමෙන්ම වැටීමක්‌, ඉන්දවීමක්‌ වැනි කොඳුඇට පේළිය පුරාවට දිවයන පීඩනයක්‌ යෙදීම නිසා ඇතිවන කොඳුඇට පේළියේ වෙනස්‌වීමක්‌ කාලයාගේ ඇවෑමෙන් වැරදි ඉරියව් හේතු කොට ඇලය වර්ධනය වන තත්ත්වයක්‌ තිබේ.
දීර්ඝ කාලීනව කොඳුඇට පෙළ ආශ්‍රිත රෝගයක්‌ නිසා වැරදි ඉරියව්වක කාලයක්‌ සිටීම නිසාත්, රෝගය ඇතිවිය හැක.
කොඳුඇට පෙළ ආශ්‍රිතව පැති කුද ඇතිවන ආකාර දෙකක්‌ විග්‍රහ කළ හැක. එස්‌ අකුරේ හැඩයට ඇතිවන දෙපසට, පැත්තට කුදු ගතිය සහ එක පසකට පමණක්‌ සී අකුරේ හැඩයට පැති කුදයයි. පැති කුද පැති දෙකටම විය හැකි අතර එක්‌ පැත්තක්‌ කේJද්‍රිය කර ගෙන ඇති වේ.
තවද කුදුÊ ගතිය ඉදිරියට නැමී එන තත්ත්වයක්‌ මත ඇතිවීමේ හැකියාව ඇති අතර මෙම තත්ත්වය කලාතුරකින් ඇතිවන තත්ත්වයකි.
රෝගයේ අතුරු ආබාධ ලෙස පැත්තකට නෙරා යැම, කොඳු ඇට පෙළ සාමාන්‍ය ස්‌වභාවෙන් වෙනස්‌ව පෙනීම, නියමාකාර ඉරියව්වලට නැමීමේ, දිගහැරීමේ අපහසුතාවය, අන්තර් කශේරුක මඩල ප්‍රදාහය නිසා අත් පාවල හිරිවැටීම් සහ අනෙකුත් අවයවවල හිරිවැටීම් සහ අප්‍රාණික වීම මෙන්ම දිවීමේ, ඇවිදීමේ අපහසුතා පෙන්වා දීමට පුළුවන.
එක්‌aස්‌ කිරණ පරීක්‍ෂාවක්‌ මගින් රෝගය හඳුනා ගත යුතුය. නැමීම සහ නැමුණු ප්‍රදේශයේ ඇති ඉන්ද්‍රියයන් හඳුනාගෙන ඒ පිළිබඳව සැලකිලිමත්ව පැතිකුදය සැකසීම කළ යුතුය.
කොඳුඇට පෙළ හරහා සුෂුම්නාව දිවෙන නිසාවෙන් මාංශ පේෂි සහ කණ්‌ඩරා අස්‌ථි බන්ධන සන්ධි බන්ධන ලිහිල් කිරීමේ එනම් බුqරුල් කරන ඖෂධ ආලේපන පත්තු යෙදීමක්‌ කරනු ලබන්නෙ ඉන් පසු නිවැරැදි සකස්‌ කිරීම වෙනුවෙනි. ඉන්පසු නිසි දැනුමක්‌ මගින් පීඩනයක්‌ යොදා අවබෝධයෙන් සකස්‌ කිරීම කළ යුතුය.
බුරුල් කිරීමෙන් පසු ඇදය සහ කුදයට අනුකූලව ජැකට්‌ එකක්‌ පැළඳිය යුතුය. අවශ්‍යතාවය අනුව තමාට ගැලපෙන ලෙස එය සකස්‌ කර ගත යුතු අතර ජැකට්‌ එක පැය 23 ක්‌ වත් පැළඳ සිටිය යුතුය.
මෙහිදී ඇතිවන ලොකුම ගැටලුව ජැකට්‌ එක පැළ¹ගෙන සිටීමට දක්‌වන කැමැත්තයි. එහෙත් රෝග සුවය වෙනුවෙන් එය ඉතාම අවශ්‍ය කරුණක්‌ බව අමතක නොකළ යුතුය.
රෝගියාගේ කැපවීම සහ ඉවසීම මත රෝගය සුව කර ගැනීමේ හැකියාව ඇත. රෝගියාගෙන් රෝගියාට වෙනස්‌ වන කාරණා මත රෝග සුවයට ප්‍රතිකාර කරනු ලැබේ.
රෝගයට ප්‍රතිකාර කරන අතරතුර දියලබු, පුහුල් වැනි ආහාර යෝග්‍ය වුවත් වෛද්‍ය උපදෙස්‌ මත ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම ද කළ යුතුය. දියලබු, පුහුල් වැනි ආහාර මගින් අස්‌ථි ප්‍රාවර මොලොක්‌ කරන බැවින් හිතූ මනාපයට එම දේ නොගත යුතුය.
ප්‍රතිකාරයෙන් පසු වැරදි ඉරියව්වක සිටී නම් වැරදියට හයිවීමක්‌ විය හැකි නිසාවෙන් ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුය.
වීදාගම පාරම්පරික
(අස්‌ථි රෝග පිළිබඳ විශේෂ)
ආයුර්වේද වෛද්‍ය හසිත කොතලාවල
.divaina.com

Related posts

20/20 ජයෙන් වාර්තා පොත අලුත් වෙයි!

Shiran Viraj

ලසන්ත මරුවේ කවුදැයි විමලවීර කියයි.. අගමැති ඉන්න ඕන හිරේ..- පාර්ලිමේන්තුව ගාලගොටියක් වෙයි..[Video]

Shiran Viraj

ඊසි කෑෂ් ක‍්‍රමයෙන් කළ මත්කුඩු ජාවාරමක් හෙළි කර ගැනේ

Shiran Viraj
Translate »