30.6 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNews

දන්සලට ලන්ච් ෂීට් එපා! පරිසරය රකිමින් තෙමගුල සමරන්න

වෙසක් සැමරුම වෙනුවෙන් සිදු කරන සැරසිලි හැකිතාක් පරිසර හිතකාමී ලෙස සිදු කරන්නැයි ජාතික සංඝ සම්මේලනයේ  සංවිධායක  පූජ්‍ය වග මුදිතවංශ ස්වාමීන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පුවක් ගස් කැපීමෙන් වළකින ලෙසද, තොරණ සහ පහන්කූඩු සඳහා නැවත නැවත භාවිත කළ හැකි බල්බ් අනෙකුත් භාණ්ඩ යොදාගන්නැයිද උන්වහන්සේ පවසනවා.
මෙම අවස්ථාවට එක්වූ ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන ස්වාමීන් වහන්සේ පැවසුවේ දන්සැල් පැවැත්වීමේදී ද පරිසරයට හානි නොවන අයුරින් කටයුතු කිරීමට ජනතාව අවධානය යොමුකළ යුතු බවයි. කෑම කොළ, සහ පොලිතීන් භාවිතයෙන් වළකින ලෙසයි උන්වහන්සේ පවසන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

ආණ්ඩුව ජවිපේ කනෙන් රිංගලා.. අනුර ජනපති කරන ප්‍රචාරයේ තිරය පිටුපස කතාව..

Shiran Viraj

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූවන්ට කඩිනමින් ඉඩම් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj

නුගේගොඩ පාර වසා විරෝධතා… මාදිවෙල මන්ත‍්‍රී නිවාසවලට දැඩි ආරක්‍ෂාවක්..

Shiran Viraj
Translate »