2026-09-07
mediahumanrights.lk
Local NewsNews

ජලය පානය පරිස්සමෙන්

අධික වර්ෂාව නිසා ඇතිවන ගංවතුර තත්ත්වයන් සමග ජලය සහ ආහාර මගින් ව්‍යප්ත වන රෝග වේගයෙන් පැතිර යා හැකි බවට වෛද්‍යවරුන් මතක් කර සිටිනවා.
මේ නිසා මහජනතාව පානීය ජලය පිළිබඳ මේ දිනවල වඩා විමසිලිමත් විය යුතු බවයි පෙන්වා දෙන්නේ. ඒ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වූවා කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක.
එහිදී ඔහු පෙන්වා දුන්න‍ේ මේ දිනවල ජලය පානය කිරීමේදී උණුකර නිවාගත් ජලය පානය කිරීමට සෑම විටම සිදු කළ යුතු බවයි. ආපදා තත්ත්වයන්ට ලක්ව ඇති පිරිස් කඳවුරු තුළදී හැකි තරම් බෝතල් කළ ජලය පානය කිරීමට කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නා.
පළා වර්ග ආහාරයට ගැනීමේදී ද මේ දිනවල වඩා විමසිලිමත් විය යුතු බව මෙහිදී සිහිපත් කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ඩොලරයක් 375යි..

Shiran Viraj

ඇමතිවරයෙකුට හා නිලධාරීන්ට ජනපතිගෙන් සී ෂෙල්ස් සිට උපදෙසක්

Shiran Viraj

පහට අඩු දරුවන් 1/3ක් මන්දපෝෂණයෙන්..- මහ බැංකුව

Shiran Viraj
Translate »