mediahumanrights.lk
Local NewsNews

අහිංසක කුඩා හිමි නමකට නිකරුණේ පහරදෙයි – ඡායාරූප

මැර පිරිසකගේ  පහර දීමකට ලක් වූ පොළොන්නරුවේ සාමනේර හිමි නමක් ඊයේ (14) දා ප්‍රතිකාර සදහා පොලොන්නරුව මහා රෝහලට ඇතුලත් කොට තිබෙනවා.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පොලොන්නරුව ඕනෑගම මැද මලුව මහා විහාරයේ වැඩ විසු දහා හතර හැවිරිදි සේවාගම විනය රතන නමැති කුඩා හිමි නමක්.
විහාරස්ථානයට පැමිණියා යයි කියන මෙම පිරිස පොලු වලින් තමන් වහන්සේට පහර දුන් බව විනය රතන හිමියන් පවසනවා.
විහාරස්ථානයේ වැඩ වසන නිකපිටියේ චන්දිම නමැති හිමි නම සොයා මෙම පිරිස කැබ් රථයකින් ඊයේ රාත්‍රී 7.45 ට පමණ මෙසේ ඇවිත් පහර දී පල ගොස් තිබෙනවා.
මේ අනුව විහාරස්ථානයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අයුරුද එහි ගිය අපට දක්නට ලැබුණා.
පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව වැඩි දුර විමර්ශන සිදු කරනවා.
(under the courtesy of hirunews news web)

Related posts

අකිල මොන්ටිසෝරියේ කොලිටි එක උස්සන්න යයි

Shiran Viraj

විදුලි අර්බුදයට පිළියමක් ලෙස පෞද්ගලික බලාගාර 3 කින් විදුලිය මිලදී ගනියි

Shiran Viraj

ඉරාකයේ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 ක් මරුට

Shiran Viraj
Translate »