26.5 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNewsPolitical

රවී යද්දී මුදල් අමාත්‍යාංශයේ කෑලිත් ගළවගෙන ගිහින්

ලංකා ඉතිහාසයේ පළමුවරට විදේශ කටයුතු අමාත්‍යාංශය සතුව නොතිබුණු ලොතරැයි මණ්ලය, මහපොළ හා එයාර් ලංකා වැනි ආයතන නව අමාත්‍යවරයාගේ පත්වීමත් සමඟ එම අමාත්‍යාංශය වෙත බාර දී ඇති බවට තොරතුරු අනාවරණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (23) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.
රවී කරුණානායක මහතා අත්හැරීමේ ගුණය පුරුදුව නොමැති බවත් රට වෙනුවෙන් අමාත්‍ය ධූර වෙනස් කරන අවස්ථාවක තම පෞද්ගලික අවශ්‍යතාවය මත ඔහුට ප්‍රතිලාභ හිමි වෙන ආයතන තමා වෙත නතු කර ගැනීමට කටයුතු කරන බවටත් බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කර සිටියේ ය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ විධායක ජනාධිපති ධූරයේ ප්‍රතිරූපය බිඳවැටෙන බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවේ

Shiran Viraj

ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…

Shiran Viraj

රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…

Shiran Viraj
Translate »