27.2 C
Colombo
2026-09-29
mediahumanrights.lk
Local NewsNewsPolitical

රවී යද්දී මුදල් අමාත්‍යාංශයේ කෑලිත් ගළවගෙන ගිහින්

ලංකා ඉතිහාසයේ පළමුවරට විදේශ කටයුතු අමාත්‍යාංශය සතුව නොතිබුණු ලොතරැයි මණ්ලය, මහපොළ හා එයාර් ලංකා වැනි ආයතන නව අමාත්‍යවරයාගේ පත්වීමත් සමඟ එම අමාත්‍යාංශය වෙත බාර දී ඇති බවට තොරතුරු අනාවරණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (23) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.
රවී කරුණානායක මහතා අත්හැරීමේ ගුණය පුරුදුව නොමැති බවත් රට වෙනුවෙන් අමාත්‍ය ධූර වෙනස් කරන අවස්ථාවක තම පෞද්ගලික අවශ්‍යතාවය මත ඔහුට ප්‍රතිලාභ හිමි වෙන ආයතන තමා වෙත නතු කර ගැනීමට කටයුතු කරන බවටත් බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කර සිටියේ ය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ විධායක ජනාධිපති ධූරයේ ප්‍රතිරූපය බිඳවැටෙන බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

ජනාධිපති අපේක්‍ෂක ගැන ප‍්‍රසන්න හෙලි කරයි..

Shiran Viraj

ඉලක්ක සපුරන්න අදත් ජනපති හදිසි ගමනක

Shiran Viraj

අපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOA

Shiran Viraj
Translate »