23.4 C
Colombo
2026-01-16
mediahumanrights.lk
Local NewsNews

අහිංසක කුඩා හිමි නමකට නිකරුණේ පහරදෙයි – ඡායාරූප

මැර පිරිසකගේ  පහර දීමකට ලක් වූ පොළොන්නරුවේ සාමනේර හිමි නමක් ඊයේ (14) දා ප්‍රතිකාර සදහා පොලොන්නරුව මහා රෝහලට ඇතුලත් කොට තිබෙනවා.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පොලොන්නරුව ඕනෑගම මැද මලුව මහා විහාරයේ වැඩ විසු දහා හතර හැවිරිදි සේවාගම විනය රතන නමැති කුඩා හිමි නමක්.
විහාරස්ථානයට පැමිණියා යයි කියන මෙම පිරිස පොලු වලින් තමන් වහන්සේට පහර දුන් බව විනය රතන හිමියන් පවසනවා.
විහාරස්ථානයේ වැඩ වසන නිකපිටියේ චන්දිම නමැති හිමි නම සොයා මෙම පිරිස කැබ් රථයකින් ඊයේ රාත්‍රී 7.45 ට පමණ මෙසේ ඇවිත් පහර දී පල ගොස් තිබෙනවා.
මේ අනුව විහාරස්ථානයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අයුරුද එහි ගිය අපට දක්නට ලැබුණා.
පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව වැඩි දුර විමර්ශන සිදු කරනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ජල සැපයුම 100%ක්ම යථා තත්ත්වයට පත් කිරීමට දින 3ක් අවශ්‍යයි

Shiran Viraj

ඩොලර් නැතිව තෙල් නැවු දෙකක් වරායේ.. සතියකින් විවෘත නොකලොත් තෙල් හිගයක්.. 15න් පසු විදුලි කප්පාදුවක්…

Shiran Viraj

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

Shiran Viraj
Translate »