29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNewsPolitical

ෆොන්සේකාගේ මන්ත්‍රි ධූරයට එරෙහි පෙත්සමට අධිකරණය දින දෙයි

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුණු පෙත්සමක් සලකා බැලීම ජූනි මස 12 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීරණය කළා.
මෙම පෙත්සම ගොනුකර ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී නීතීඥ අජිත් ප‍්‍රසන්න විසින්.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට සුදුසුකම් නොමැති බව ප‍්‍රකාශයට පත්කරමින් රීට් අඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම ගොනුකර තිබෙනවා.
අමාත්‍ය සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය ඇතුළු හය දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

මං දුන්න උපදෙස් අනුව වැඩ කලා නම් ලංකාවට අද මෙහෙම වෙන්නේ නෑ.. හමුදාව නිසා කොරෝනා පාලනය අවුල් වෙලා..

Shiran Viraj

මේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්න

Shiran Viraj

මැතිවරණය වර්ජනය කරනු.. තුණ්ඩු බෙදා හැරේ.. පසුපස මන්ත‍්‍රීවරයෙක්..

Shiran Viraj
Translate »