27.2 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

සයිබර් ප්‍රහාරයට ඔත්තු සේවාවන්ට චෝදනා එපාලු!

ලොව රටවල් රැසක පරිගණකවලට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔත්තු සේවාවන්ට චෝදනා නොකරන ලෙස අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අභ්‍යන්තර ආරක්ෂක උපදේශකවරයා ප්‍රකාශ කර තිබේ.
සයිබර් ප්‍රහාරයෙන් පසුගිය සිකුරාදා සිට ලොව පුරා රටවල් 150ක පරිගණක ලක්ෂ තුනකට පමණ බලපෑම් එල්ල වී තිබුණි.
මයික්‍රොසොෆ්ට් මෘදුකාංග වල දුර්වලතා යොදාගනිමින් හඳුනා නොගත් කණ්ඩායමක් විසින් මෙම සයිබර් ප්‍රහාර එල්ල කර ඇති බව අන්තර්ජාල ආරක්ෂක විශේෂඥයන් පවසා තිබුණි.
අදාළ මෘදුකාංගය හඳුන්වා දී ඇත්තේ අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය මගින් වන අතර සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් මයික්‍රොසොෆ්ට් විධායක උප සභාපතිවරයා ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියට චෝදනා කර තිබුණි.
(under the courtesy of adaderana news web)

Related posts

ඉල්ලා අස් වුනේ නෑ…

Shiran Viraj

ෆයිසර්ගේ කාර්යාලය පුංචි බොරැල්ලෙ ද ?

Shiran Viraj

හෝටල්, ආපන ශාලා එන සතියේ සිට අරී..

Shiran Viraj
Translate »