28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News Political

මේක වෙන්දේසි හා බන්දේසි ආණ්ඩුවක් – ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්

මේ පවතින්නේ වෙන්දේසි හා බන්දේසි ආණ්ඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුව මේවන විට ජාතික සම්පත් විකුණමින් සිටින බවත්, හම්බන්තොට වරාය සමග අක්කර 15,000ක් චීනයට ලබාදීමටත්, මාදුරු ඔය ප්‍රදේශයේ ඉඩම් ලබාදීමටත්, ත්‍රීකුණාමලය වරායත් විකිණීමට සියල්ල සූදානම් කර ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේ ඊයේ(01) ගාලුමුවදොර පිටියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට එක්වෙමිනි.
අනෙක් අතට රට කැබලි කොට බන්දේසියක තබා විදේශ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවට ලබාදෙමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
ජනතාවගෙන් කොටසක් එදා රැවටුණද, යළිත් රැවටෙන්නට සූදානම් නැති බවත්, ජාතික සම්පත් රැක ගැනීමට ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටුවන ශක්තිමත් නොනවතින අරගලයක් බවට පත් කළ යුතුයි
මේ ආණ්ඩුව ගෙදර යවන වැඩපිළි‍වෙළ ආරම්භ කරන භූමිය ගාලුමුවදොර පිටිය බවත්, එය කිසිසේත්ම නැවැත්විය නොහැකි බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
ගාලුමුවදොර පිටිය පුරවන්නට ජනතාව එක්රැස් කර පෙන්වන්නැයි ආණ්ඩුව විසින් අභියෝගයක් කළ බවත්, ඒ නිසාම ඒ අයටත් දෙන්නට අභියෝගයක් පවත්නා බවත්, හැකිනම් පළාත් පාලන හා පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
පැවති තමාගේ ආණ්ඩුව පෙරළන්නට ඇ.ඩොලර් 660ක් වියදම් කළ බව මේවන විට හෙළිදරව් වී ඇති බවත්, ඇතැමුන්ට ඒ වෙනුවෙන් සල්ලි ලබාදී ඇත්තේ වැසිකිළිවලදී බව එක් ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු වරෙක පවසා තිබුණු බවත් ඔහු සිහිපත් කළේය.
තමාගේ  කාලයේ ත්‍රිවිධ හමුදාව යොදාගනු ලැබුවේ ත්‍රස්තවාදය තුරන් කොට රටට සාමය උදාකිරීමට බවත්, මේ ආණ්ඩුව ත්‍රිවිධ හමුදාව යොදා ගන්නේ ජනතාව ඉල්ලීම් ඉල්ලා පාරට බසිනවිට මර්දනය කිරීමට බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
පසුගිය කාලයේ ගනු ලැබූ ණය නිසා රටේ ජනතාවට පීඩා විඳින්නට සිදුව ඇති බවට චෝදනා කරනු ලැබුවත්, ජනතාව දුක් විඳින්නේ උන් ගත්තු ණය නිසා හා බැංකු කොල්ලකරුවන් නිසා බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් එයාලට පිනුම් ගහන්නට ලැබුණේ මේ රට නිදහස් කරගත්තු නිසා බව අමතක නොකළ යුතු බවත්, මෙම පූට්ටු ආණ්ඩුවේ ලැග සිටින අයටත් කියන්නට ඇත්තේ මේ අරගලයට එකතුවන ලෙස බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.
කුණු කන්දක් කඩා වැටීමෙන් මිනිසුන් ජීවිතක්ෂයට පත්වූ බවට ලෝකයේ කිසිදු රටකින් වාර්තාවී නැති බවත්, අවාසනාවකට එය මෙරටින් වාර්තාවූ බවත්, කුණු ටිකක් වත් ඉවත් කරගන්නට බැරි ආණ්ඩුවක් තමාට අභියෝග කිරීම විහිළු සහගත බවත් ඔහු සඳහන් කළේය.
මේක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන මැයි දිනයක් බවත්, වෙන්දේසිකාර, නාස්තිකාර ආණ්ඩුවේ අවසානය තීන්දු කරන හා රට වනසන හොර නඩය පන්නා අලුත් ආණ්ඩුවකට පාර කපන මැයි දිනයක් බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

(under the courtesy of adaderana news web)

Related posts

ගිනි ගන්නා නෞකාවේ ඉන්ධන කාන්දුවක් නැහැ : නැව ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයට

Shiran Viraj

යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ..- සංචාරක ඇමති

Shiran Viraj

රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..

Shiran Viraj