2026-09-17
mediahumanrights.lk
Local NewsNews

බස් එකේ ගිය 14 හැවිරිදි විශ්වට තැන්නෙකුඹුරෙ "පුෂ්පියා" ඇන්ටි කළ කැත වැඩේ

බස්‌ රථයේ තමා අසල ආසනයක සිටි 14 හැවිරිදි පිරිමි ළමයකුගේ අතට උල් කටුවකින් ඇන තුවාල සිදුකළ බව කියන පැමිණිල්ලක්‌ සම්බන්ධයෙන් තැන්නේකුඹුරේ පදිංචි කාන්තාවක්‌ මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිරිමි ළමයාගේ අතට තුවාල සිදුකිරීමෙන් පසුව බස්‌ රථයෙන් බැස පැනයැමට උත්සාහ කළ කාන්තාව බස්‌ රථයේ ගමන් කරමින් සිටි මගීන් පිරිසක්‌ විසින් අල්ලා ගනු ලැබ ඇති අතර ඇයව පසුව මහනුවර පොලිසියට බාරදී තිබුණා.
අතේ තුවාලයක්‌ සහිත අරුප්පොල පදිංචි විශ්ව රංජිත් නමැති පිරිමි දරුවා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තම මව සමඟ මහනුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස්‌ රථයක ගමන් කරමින් සිටියදී පිරිමි ළමයා මෙම ඉරණමට පත්වී ඇත්තේ.
‘‘පුෂ්පියා“ නමැති කාන්තාව අත්අඩංගුවට ගෙන මහනුවර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.
(under the courtesy of hirunews news web)

Related posts

අමෙරිකාව අවුලෙන් අවුලට ඇද දැමූ ට්‍රම්ප්ගේ වීසා තහනමේ අලුත්ම තත්ත්වය

Shiran Viraj

වෙනිසියුලානු ජනාධිපති මදුරෝ ඇමෙරිකානු ආරක්ෂක අංශ භාරයට

Shiran Viraj

ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..

Shiran Viraj
Translate »