30 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

පාසල් පවත්වනවාද? නැද්ද? – බලය විදුහල්පතිවරුන්ට දෙයි

අපදාවන්ට ලක් වූ ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණ ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ නියමයන් පරිදි මෙම තීරණය ගෙන තිබෙනවා.
අපදාවන් හේතුවෙන් තම පාසලට එල්ලවන බලපෑම සහ අවදානම් තත්ත්වයන් පිළිබඳ අවදානය යොමු කරමින් විදුහල්පතිවරුන්ට මෙම තීරණය ගැනීමේ අවසරය ලබාදී ඇති බවයි ඉන් වැඩි දුරටත් පැහැදිළි කර ඇත්තේ.
එමෙන්ම අදාල තීරණය පිළිබඳ පළාත් පාසලක් නම් පළාත් හෝ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ජාතික පාසලක් නම් ජාතික පාසල් අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
විපතට පත් වු පාසල් දරුවන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් හැකි ඉක්මනින් තමා වෙත ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නිළධාරීන්ට උපදෙස් ලැබී ඇති බවද එහි දැක්වෙනවා.
පාසල් දරුවන් සඳහා අවශ්‍ය පෙළපොත්, නිලඇදුම් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහාත්, අවශ්‍ය සෙසු සහන සැලසීම සඳහාත් මෙලෙස තොරතුරු ලබා ගැනීමට තීරණය කර ඇති බවයි අදාළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

ලසන්ත මරුවේ කවුදැයි විමලවීර කියයි.. අගමැති ඉන්න ඕන හිරේ..- පාර්ලිමේන්තුව ගාලගොටියක් වෙයි..[Video]

Shiran Viraj

අද සවස හතරේ සිට ප්‍රමුඛතා මන්තීරුවේ අලුත් අදියරක්

Shiran Viraj

යාපනය මහාධිකරණයේ පෙනී සිටින්නැයි යුද හමුදාපතිට නියෝග

Shiran Viraj
Translate »