30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

නුවන්ට හැකියාවන් තිබුණට සිනමාවට ආරාධනා නැත්තේ ඇයි ? අධ්‍යක්‍ෂවරු අමනාපයෙන්ද?

මටත් පස්‌සෙ ක්‌ෂේත්‍රයට ආපු ගොඩක්‌ නිරූපණ ශිල්පීන් මම පහුකරහෙන ගොඩක්‌ දුර ගිහින්. දක්‌ෂතා තිබිලත් මම එකතැනම ඉන්න හේතුව මොකද්ද කියල අදටත් මම හොයනවා…. මෙහෙම කියන්නෙ අපිනම් නෙවෙයි. නටලා නටලා නැට්‌ටුක්‌කාරයෙක්‌ ලෙසින් අප ඉදිරියට ආපු ඔහු සැබැවින්ම දක්‌ෂයෙක්‌. නිරූපණ ශිල්පයෙන් කඩවසම් වුණු ඔහු ඒ සටනෙහි ද නොමද දක්‌ෂයෙක්‌. අනාගත සිනමාව හීනය වුණු ඔහු වෙන කවුරුවත් නෙවෙයි. තාරුණ්‍යයේ ගිනිසිළුව වන් හැඩකාර, දගකාර නුවන් ගුණසේකර. බලමු ඔහු මේ විදියට කතාකරන්න හේතුව මොකද්ද කියලා ………
ඉතින් නුවන් කොහොමද ජීවිතේ ?
වරදක්‌ නෑ. ජීවිතේ ඉතින් හොඳින් ගෙවීගෙන යනවා.
පහුගිය දවස්‌ ටිකේ මෙගා ස්‌ටාර් නිසා කාර්යබහුල වුණා නේද ?
ඇත්තටම ගොඩක්‌ බිසී වුණා මෙගා ස්‌ටාර් එක්‌ක. මොකද වෙන වැඩක්‌ භාරගන්න බැරි තරමටම කාර්යබහුල වෙලයි හිටියේ. ඒක ලොකු තරගයක්‌. ඉතින් ඒකට මුහුණ දෙන්න පුහුණුවීම් කරන්න ඕනෑ. වෙන වැඩවලට අත නොදා ඒ වැඩේම හිටියේ ඒකයි.
එක වැඩක්‌ හින්දා වැඩ ගොඩක්‌ අතාරින්න වුණු එකට දුකක්‌ නැද්ද?
වැඩ ගොඩාක්‌ අත්හැරිය මේ වැඩේ හින්දා. වැඩ කොහොම වුණත් වැඩ පටලවා ගන්නේ නැතුව එකක්‌ හරියට කරන එක හොඳයි කියන මතයේ ඉඳන් වැඩ කරපු නිසා දුකක්‌ නෑ.
නුවන්ගේ කලාව රියලිටි වැඩසටහන් විතරද ?
නෑ එහෙමම නෑ. මොකද්දෝ වාසනාවකට මට රියලිටි වැඩසටහන්වලින් අඩුවක්‌ නෑ. මගේ ලොකුම හීනේ සිනමාව. ඒ තුළ ඇක්‌ෂන් හීරෝ කෙනෙක්‌ වෙන්න. ඒ වෙනුවෙන් යන ගමන තමයි මේ යන්නේ.
ඉතින් සිනමාවට යන්න පරක්‌කු මොකද ?
හේතුව මොකද්ද කියන්න මම දන්නෙත් නෑ. සිනමාවට අවශ්‍ය හැකියාවන් සියල්ලක්‌ම මම මේ වෙනකොට පෙන්නලයි තියෙන්නේ. ඒත් තාම ආරාධනා නොලැබෙන්න හේතුව මම දන්නෙත් නෑ. සමහරවිට මට තාම ඒකට වාසනාව නැතුව ඇති. බලමු.
නුවන් රූපවාහිනියේ නිතර නිතර දකින්න නෑ නේද ?
මම රංගනයෙන් දායක වුණු කතා බහට ලක්‌වෙන බොහෝ ටෙලි නාට්‍යවල මම කළේ සුළු චරිත. සුළු චරිත රඟපෑව ඇති වගේ දැනෙනවා. ප්‍රධාන චරිතයක්‌ කරන්න පුළුවන් ටෙලිනාට්‍යයක්‌ ලැබෙනකන් තමයි ඉන්නේ.
නිරූපණය අතෑරල රංගනයට ආපු එක මෝඩකමක්‌ වගේ දැනෙනවද ?
රංගනයට එන්න ඕන නිසාමයි මම නිරූපණයට ආවේ. රංගනයට එන්න පාර හැදුනෙත් නිරූපණය හරහා. සිනමාව හීනෙ වුණු නිසා ඒක මට අතාරින්න වුණා.
අලුත් ටෙලිනාට්‍යයකට එහෙම ආරාධනා ලැබුණේ නැද්ද ?
මේ දවස්‌වල මම රංගනයෙන් දායක වුණු එළිය කන්ද සහ සිහින සොයා කියන නාට්‍යය 02 විකාශනය වෙනවා. අලුතින් නම් ආරාධනා ලැබුණේ නැහැ.
නුවන්ට ක්‌ෂේත්‍රයේ නිළියන්ගේ ආකර්ෂණය වැඩියි කියන්නෙ ඇත්තද ?
ආ… එහෙම දැණුනු අවස්‌ථා තියෙනවා. ඒක මට අපහසුතාවක්‌ නෙවෙයි. එහෙම කෙනෙක්‌ගේ ඇල්ම බැල්ම ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕනනේ.
ඒ නිළියන්ගෙන් නුවන්ට ආදර යෝජනා එහෙම ලැබුණ්‌ නැද්ද ?
එහෙම ආරාධනා ලැබිලා නෑ. මගේ ජීවිතේට රංගන ශිල්පිනියක්‌ සමග ආදර සබඳතාවක්‌ ඇතිවෙලා නැහැ. නමුත් ඒ ගැන සමාජයේ යම් යම් කතාබස්‌ ඇති.
අධ්‍යක්‌ෂකවරු නුවන් එක්‌ක අමනාපෙන්ද ඉන්නේ?
එහෙම නෑ. මම වෙලාවට කරන වැඩේ හරියට කරන කෙනෙක්‌. කාටවත් ඇගිල්ලක්‌ දික්‌කරන්න වෙන විදියට මම අද වෙනකන් වැඩක්‌ කරල නෑ. හැමෝම එක්‌ක සුහදව වැඩ කරල තියෙනවා මේ වෙනකන්.
නර්තනයට දක්‌ෂ නුවන් ඒ වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ ?
මගේ නර්තන පන්තිය මීට වසර 02 කට විතර උඩදී නුවරදී පටන් ගත්තා. අදටත් ඒ වැඩ සාර්ථකව කරගෙන යනවා. ළඟදීම ඒ අවස්‌ථාව කොළඹටත් ලබා දෙන්න තමයි හිතාගෙන ඉන්නේ.
නිරූපණ ශිල්පීන් විදියට රංගනයට පිවිසි බොහෝ දෙනා අද හොඳ ස්‌ථාවරයක ඉන්නවා. ඒත් නුවන් තාමත් එකතැනම නේද?
ඒ කතාව ඇත්ත. මටත් පස්‌සේ ක්‌ෂේත්‍රයට ආපු ගොඩක්‌ නිරූපණ ශිල්පීන් මම පහුකරහෙන ගොඩක්‌ දුර ගිහින්. දක්‌ෂතා තිබිලත් මම එකතැනම ඉන්න හේතුව මොකද්ද කියල අදටත් මම හොයනවා.
නුවන්ගෙ හිතගත්ත කෙනෙක්‌ එහෙම ඇති නේද දැන් ?
හිතගියපු කෙනෙක්‌නම් ඉන්නවා. හැබැයි දැන්ම කියන්නෙ නෑ ඒ ගැන. ඒ ගැන වෙලාව ආවම කියන්නම්.
ඒ කියන්නෙ විවාහයත් මේ අවුරුද්දෙම සිදුවෙනවා. එහෙමද ?
විවාහය ගැන දැන් හිතල තියෙන්නේ. ලබන අවුරුද්දේ වගේ ඒ බලාපොරොත්තුවත් ඉෂ්ඨ කරගන්න තමයි හිතාගෙන ඉන්නේ.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

කෝටිපති ව්‍යාපාරිකයා තරුණියන් අඹුකමට අරන් දරුවෝ හදලා ඊළඟට කරන දේ හෙළිවෙයි

Shiran Viraj

විල්පත්තුවල පවරා ගත් ඉඩම් වහාම නිදහස් කළ යුතුයි

Shiran Viraj

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ යෂ්ටිය ශ්‍රී ලංකාවට

Shiran Viraj