2026-08-19
mediahumanrights.lk
International NewsNews

ධුරයට සමුදී විනෝදෙන් ඉන්න ඔබාමා

ජනපති ධුරයට සමුදීමෙන් පසු, වර්ජීන් දූපත්වල නිවාඩුවක් ගත කිරීමට ගිය බැරැක් ඔබාමා ‘කයිට් සර්ෆින්’ හෙවත් සරුංගලයක් ආධාරයෙන් කරන මූදු රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවට එක්වෙමින්  විනෝදවන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත්වී ඇත.
ඔබාමා වර්ජීන් දූපතේ සංචාරය කළේ බිරිය මිෂෙල් ද සමඟය. ඔබාමා යුවල සමඟ නිවාඩුවක් ගත කිරීමට ‘වර්ජීන්’ ගුවන් යානා සමාගමේ ප්‍රධානී රිචඞ් බ්‍රැන්සන් ද පැමිණ සිටියේය. විනෝදබර, වීර වික්‍රමවල යෙදීමට ප්‍රිය කරන අයකු වන කෝටිපති ව්‍යාපාරික බ්‍රැන්සන් ද ඔබාමා සමඟ ‘කයිට් සර්ෆින්’ සඳහා එක් විය.

Related posts

යාපනයේ ගැටුමකින් වෙළඳ සැළකට හානි

Shiran Viraj

වෙඩි තැබිමට සන්නද්ද හමුදාවන්ට නියෝග නිකුත් කෙරේ..

Shiran Viraj

බලන් ඉඳලා බැරිම තැන දෙමව්පියනුත් කොළඹ කොටුවෙන් සටන අරඹයි

Shiran Viraj
Translate »