30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
International News News

දූෂණය කරපු කට්ටඩියාට අමතක නොවන පාඩමක් ඉගැන්වූ තරුණියක් – Video

23 හැවිරිදි තරුණියක විසින් හින්දු කට්ටඩියෙකුගේ ජනනේන්ද්‍රය කපා දැමූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අදාල තරුණිය පොලිසියට පවසා ඇත්තේ වසර කිහිපයක් තිස්සේ මෙම පුද්ගලයා විසින් තමන්ව දූෂණයට ලක්කර ඇති බවයි.
තරුණියගේ පියා රෝගයකින් ඔත්පළව සිටින අතර ඔහුට ශාන්තිකර්ම සිදු කිරීම සඳහා අදාල පුද්ගලයා කලක පටන් ඇයගේ නිවෙසට යන එන බවට පොලිසිය පවසනවා.
මෙම කට්ටඩියා විසින් තම පවුල දුකින් මුදවාලනු ඇති බවට තරුණියගේ මව අපේක්ෂා කළ බවත් නමුත් තමන්ව නිරන්තරයෙන් මොහු විසින් දූෂණය කළ  බව දියණිය පවසා ඇත.
පසුගිය 19 වනදා රාත්‍රියේදී අදාල තරුණිය දූෂණය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී එම පුද්ගලයාගේ රහසඟ පිහියකින් කපා දැමූ බව තරුණිය පොලිසියට පවසා තිබෙනවා.
පිහි පහරට ලක්වූ පුද්ගලයා හදිසි ප්‍රතිකාර සඳහා තිරුවානන්තපුරම් වෛද්‍ය විද්‍යාල රෝහල වෙත ඇතුලත් කර ඇති අතර මෙම පුද්ගලයාගෙන් ලිංගික අතවර සිදුවන බවට එම තරුණිය සිය මවට විටින්විට පවසා ඇතැයි සදහන්.
ඒ පිළිබඳව දැනුවත්ව තිබියදීත්  පැමිණිලි නොකිරීමේ චෝදනා මත මවට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති අතර පිහි ප්‍රහාරය එල්ලකළ තරුණියට එරෙහිව නඩුවක් ගොනුවනු ඇති බවට විශ්වාස කෙරෙනවා.
කෙසේ වෙතත් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ මහ ඇමතිවරයාද එම තරුණියගේ නිර්භීත ක්‍රියාව අගය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

රජයෙන් නිවේදනයක්..

Shiran Viraj

පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?

Shiran Viraj

උපේක්‌ෂාගේ කැදැල්ලේ නැවුම් තතු

Shiran Viraj