mediahumanrights.lk
Entertainment Entertainment News News

දරු මුණුබුරන් 78කගේ ආදරය මැද වාසනාවන්ත ජීවිතයක් ගතකරන දඹුල්ලේ මවක් – Video

“කසාද බැන්දේ 1956 දෙසැම්බර් 13.
1958 තමයි මගේ ලොකු දුව හම්බවුණේ”
“පැනඩෝල් පෙත්තක්වත් බීපු කාලයක්වත් මතක නෑ. සතුටෙන්ම තමයි හිටියේ”
ලොව බිහිවී ඇත්තේ හිරු කිරණින් සහ මව් කිරෙන් යන්න ලොව පිළිගත් සංකල්පයක්.
එවන් උතුම් වු මව් පදවිය වෙනුවෙන් වෙන්වූ ලෝක මව්වරුන්ගේ දිනය ඊයේ දිනට යෙදී තිබුණා. එම දිනයේදී ඇසුණු දුක්බර කතාවක් මෙන්ම සතුටු කතාවක් පහතින් දැක්වේ.
ලෝක මව්වරුන්ගේ දිනය යෙදෙන අද, දරුවන් විසිදෙනෙකු ලොවට බිහිකල ආදරණීය මවක් දඹුල්ල – ගලේවල – බඹරගස්වැව ප්‍රදේශයෙන් අපට හමුවුණා.
78 හැවිරිදි වියේ පසුවන එච්.ඒ. රොසලින් නෝනා නැමැති මෙම මවගේ ස්වාමිපුරුෂයාගේ වයස 86ක්.
මෙම යුවලට දරු මුණුබුරන් 78 දෙනෙකු සිටිනවා.
දරුවන් 20 දෙනා බිහිකිරිම සඳහා තමන් කිසිදු අවස්ථාවක රෝහල් ගත නොවූ බවයි ඇය පවසන්නේ.
සැමියා කුලී වැඩවල නිරතවෙමින් දැඩි ආර්ථික අපහසුතා මැද දරුවන් පෝෂණය කිරීම සිදුකල බව ඇය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
දරුවන් 20 දෙනෙකු නොව දරුවන් 24 දෙනෙකු මෙලොවට බිහිකිරිමට තමන් බලාපොරොත්තුව සිටිය ද එය ඉටු කර ගැනීමට නොහැකි වූයේ වෛද්‍යවරුන් ලබාදුන් උපදෙස්වලට අනුවයි.
දරුවන් 20 දෙනෙකු මෙලොවට බිහි කළ එච්.ඒ. රොසලින් නෝනා නැමැති මාතාව ලෝක මව්වරුන්ගේ දිනයේ හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.
ඇය කියා සිටියේ දරුවන් 20 දෙනෙකු මෙලොවට බිහි කිරීම ගැන තමන් සතුටු වන බවත් සිය ස්වාමි පුරුෂයා සමඟ තමන් තවමත් නිරෝගීව ජීවත් වන බව ද ඇය සතුටින් ප්‍රකාශ කළා.
“කසාද බැන්දේ 1956 දෙසැම්බර් 13. 1958 තමයි මගේ ලොකු දුව හම්බවුණේ. 20 වැනියා 82 ජනවාරි 27. ඒ කාලේ කන්න බොන්න නෑ. හරි අමාරුයි ඉතින්. මට කිසිම අසනීපයකුත් නෑ. පුතාලගේ තාත්තටත් එහෙමයි. පැනඩෝල් පෙත්තක්වත් බීපු කාලයක්වත් මතක නෑ. සතුටෙන්ම තමයි හිටියේ”.
සියලු දරු මුණුබුරන්ගේ ආදරය මැද ඉතා නිරෝගී වාසනාවන්ත දිවි පෙවතක් ගෙවන මේ මාතාව තවමත් තම දරු මුණුබුරන්ට දක්වන ආදරය, කරුණාව මුළුමහත් සමාජයටම හොඳ උදාහරණයක්.
අද සමාජයේ දක්නට ලැබන මව්වරුන්ගේ ප්‍රතිරූපය පිළිබඳ මේ ආදරණීය මාතාව සිය අදහස් පළ කළේ මෙලෙසින්.
“බලන්න අද ටීවිවල දාන ඒවා. හැම අම්මා කෙනෙක්ගේම හදවත් උණුවෙන්නේ නෑ නේද”.
(under the courtesy of hirunews news web)

Related posts

උපුල් තරංග තමාට සිදුවූ කැපිලි ගැන ක්‍රික් ඉන්ෆොට හෙළි කරයි

Shiran Viraj

විදුලි බිල යළි වැඩිවුණොත් ඇඟලුම් කම්හල් වැසෙයි.. රැකියා නැතිවෙයි..

Shiran Viraj

ජෙඩාහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තාවකාලිකව වැසෙයි

Shiran Viraj