2026-08-18
mediahumanrights.lk
Local NewsNewsPolitical

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ගන්න දෙමළ පක්ෂ නියෝජිතයින් උතුරේ දී සාකච්ඡාවක

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් යාපනයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ, යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරසු පක්ෂ කාර්යාලයේදීයි.
පක්ෂ නායක මාවෙයි සේනාධිරාජාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.
ඊට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ප්ලොට්, ටෙලෝ හා ඊ පී ආර් එල් එෆ් යන සංවිධාන නියෝජනය කරන නියෝජිත පිරිසක් ද එක්ව සිටියා.
වර්තමානයේ ත‍්‍රස්තවාදයක් ක‍්‍රියාත්මක නොවන බැවින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි මෙහිදී අවධාරණය කර ඇත්තේ.
පනත අහෝසි කිරීම වෙනුවෙන් හඬ නඟන සියලූදෙනාගේ සහය ඊට ලබාගත යුතු බවද දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

හජ් වන්දනාව විදේශිකයින්ට තහනම් කරයි

Shiran Viraj

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවේ..

Shiran Viraj

උතුරේ සහ නැගෙනහිර අද හර්තාල්

Shiran Viraj
Translate »