mediahumanrights.lk
NewsSportsSports News

තිලංගගෙන් සූරියවැව ක‍්‍රීඩාංගණයට කොළ එළියක්

සිම්බාබ්වේ සහ ශ‍්‍රී ලංකාව අතර එක්දින ක‍්‍රිකට් තරග 03ක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය වී තිබෙනවා.
තිලංග සුමතිපාල ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිළධාරීන් පිරිසක් ඉකුත්දා එම ක‍්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා.
ක‍්‍රිඩාංගණයේ අඩුපාඩු සකස් කර යලි අන්තර්ජාතික තරග සඳහා සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රිඩාංගණය යොදා ගැනීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.
ඉකුත්දා මෙම ක‍්‍රීඩාංගණයට එල්ල වූ වන අලි ප‍්‍රහාරයකින් ක‍්‍රීඩාංගණයේ දේපළවලට අලාභ හානි ද සිදුවුණා.
මෙම ක‍්‍රීඩාංගණයේ අවසන් වරට එක්දින තරගයක් පැවැත්වුණේ 2015 වසරේ ජූලි මාසයේදීයි.
ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග 05ක්  පැවැත්වීමට නියමිත අතර ඉන් අවසන් තරග 03 හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වේ

Shiran Viraj

ගුරුවරියකට කොරෝනා වැළඳීමෙන් පාසලක් වසාදමයි… සිසුන් 1500ක් අවධානමේ

Shiran Viraj

වැස්ස නෑ… ඉන්ධන නෑ.. රට පුරා විදුලි කප්පාදුවක්..

Shiran Viraj
Translate »