mediahumanrights.lk
International News News

ට්‍රම්ප්ගේ ගෙදර ප්‍රශ්නයක් – ප්‍රසිද්ධියේම බිරිඳ ඔහුගේ අත ගසාදමයි – Video & Photos

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම නිළ විදෙස් සංචාරයේ දෙවන අදියර ලෙස ඊශ්‍රායලයේ ටෙල් – අවිව් නුවරට  පැමිණි අවස්ථාවේදි වුණු විශේෂ සිදූවීමක් ගැන විදෙස් මාධ්‍ය රැසක් වාර්තාකර සිටිනවා.
ඒ ඔහුගේ ආර්යාව වූ මෙලනියා ට්‍රම්ප් සමග Ben Gurion ගුවන් තොටුපලේදී රතු පලස මැදින් පැමිනෙන විට මෙලනියා විසින් ට්‍රම්ප්ගේ අත ගසා දමන අයුරු වීඩීයෝවක සටහන් වීමත් සමගයි.
එය ඔවුන් දෙදෙනා අතර පෞද්ගලික හේතුවක් හෝ ආරවුලක් මතද යන්න හරිහැටි පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ මෙලනියා විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත් අල්ලන් සිටින අවස්ථා ඉතා අඩු නිසා බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරයා, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳ යන සියළු දෙනා අත් අල්ලන් සිටින ඡායාරූපයක්ද මෙහි සඳහන් වනවා.
මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අමෙරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිගට සාමය ගේන අතරේ ගෙදර පරිසරයේ සමගිය නැති වෙලා කියලයි.
අදාළ වීඩියෝව සහ ඡායාරූප පහතින් බලන්න
(under the courtesy of hirunews news web)
https://youtu.be/ZGqMVkvst_Q
 

Related posts

තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ..මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං- සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි..

Shiran Viraj

පොලීසිය ෂාෆ්ටර් ඝාතකයාට ලං වෙමින්.. ලේ තැවරුණු රෙදි, නියපොතු හමුවෙයි.. පරීක්‍ෂණ අරඹයි..

Shiran Viraj

මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීම වළක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Shiran Viraj