26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
International NewsNews

ට්‍රම්ප්ගේ ගෙදර ප්‍රශ්නයක් – ප්‍රසිද්ධියේම බිරිඳ ඔහුගේ අත ගසාදමයි – Video & Photos

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම නිළ විදෙස් සංචාරයේ දෙවන අදියර ලෙස ඊශ්‍රායලයේ ටෙල් – අවිව් නුවරට  පැමිණි අවස්ථාවේදි වුණු විශේෂ සිදූවීමක් ගැන විදෙස් මාධ්‍ය රැසක් වාර්තාකර සිටිනවා.
ඒ ඔහුගේ ආර්යාව වූ මෙලනියා ට්‍රම්ප් සමග Ben Gurion ගුවන් තොටුපලේදී රතු පලස මැදින් පැමිනෙන විට මෙලනියා විසින් ට්‍රම්ප්ගේ අත ගසා දමන අයුරු වීඩීයෝවක සටහන් වීමත් සමගයි.
එය ඔවුන් දෙදෙනා අතර පෞද්ගලික හේතුවක් හෝ ආරවුලක් මතද යන්න හරිහැටි පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ මෙලනියා විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත් අල්ලන් සිටින අවස්ථා ඉතා අඩු නිසා බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරයා, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳ යන සියළු දෙනා අත් අල්ලන් සිටින ඡායාරූපයක්ද මෙහි සඳහන් වනවා.
මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අමෙරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිගට සාමය ගේන අතරේ ගෙදර පරිසරයේ සමගිය නැති වෙලා කියලයි.
අදාළ වීඩියෝව සහ ඡායාරූප පහතින් බලන්න
(under the courtesy of hirunews news web)
https://youtu.be/ZGqMVkvst_Q
 

Related posts

අපි බාරගත්තේ සල්ලි නැතිව තෙල් නැවු පෝලිමක් තිබ්බ රටක්…

Shiran Viraj

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

Shiran Viraj

ඉන්ධන නෑ.. ධීවරයෝ මුහුදු යාම නවතති.. යාත‍්‍රා ගොඩට ඇද දමති..

Shiran Viraj
Translate »