2026-07-06
mediahumanrights.lk
Local NewsNews

ඥානසාර හිමිට මරණ තර්ජන ?

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මරා දැමීමට කුමන්ත්‍රණ  කර ඇති බවත් එය පාදක කර ගනිමින් අන්‍යාගමික ස්ථානවලට පහර දෙමින් ජාතිවාදී හා ආගම්වාදී  කෝලාහාල ඇතිකර එමඟින් මෙම ජීවිත තර්ජන සාධරණීකරණය කිරීමට සැලසුම් කර ඇති බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා පවසයි.
මෙම අරමුණ  ඉටු කර ගැනීම සඳහා ජාතික හා ජාත්‍යන්තර  උපකාර ලබන අන්තවාදී පිරිස් විසින් මෙම උත්සහය ගනු ලබන බවත් ඒ සඳහා රජයට සම්බන්ධ ඇතැම්  පිරිස් මෙන්ම විපක්ෂයේ පිරිස් සහයෝගය දක්වන බවට කරුණු දැන ගැනීමට ඇති බව ද විතානගේ මහතා ප්‍රකාශ කර ඇත.
මෙමඟින් රටේ පවතින තත්ත්වය තවදුරටත් භයානක තත්ත්වයකට පරිවර්තනය විය හැකි බවත් මේ පිළිබඳ  නිසි පරීක්ෂණයක් සිදු කර ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව තහවුරු කර ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් විතානගේ මහතා වැඩි දුරටත් පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

දියවැඩියාව පාලනයට ගත යුතු හොඳම ආහාර වට්ටෝරුව මෙන්න

Shiran Viraj

කලකට පසු ජනාධිපති ඉහලින්ම අනුමතයි.. FB ගිණුමේ ‘Like’ වැස්සක්.. ‘Haha’ පසුබසී…

Shiran Viraj

චීන එන්නත් ලක්‍ෂ 140ක් ඇණැවුම් කරයි.. එන මාසයේම ලක්‍ෂ 30ක් මෙරටට…

Shiran Viraj
Translate »