2026-01-18
mediahumanrights.lk
Local NewsNews

ජල පොම්පාගාරත් ගංවතුරෙන් යටවෙයි

ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුමට ද මේ වනවිට බාධා පැමිණ තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ කොළඹට ද ජල සැපයුම සිදු කෙරෙන්නේ අඩු පීඩනයක් යටතේ බවයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් පැවසුවේ ගබුගම ජල නල කිහිපයක් ගංවතුර හේතුවෙන් කැඩී ගොස් ඇති බවත් දැනට විකල්ප ජල නල මාර්ග හරහා ජලය ලබා දීමට පියවර ගෙන ඇති බවයි.
දකුණු පළාතේ ද ජල සැපයුම මේ වනවිට සිදු කෙරෙන්නේ අවහිරතා සහිතවයි. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් ඒ පිළිබඳව ද කරුණු දැක්වූවා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ මාතර ජල පොම්පාගාර 04 න් 03 ක් මේ වන විට ගංවතුරට යට වී ඇති බවයි. එම පොම්පාගාර 03 ම මේ වන විට මුලුමනින්ම අක්‍රිය වී ඇති බවද සඳහන් කළා. දැනට ජලය ලබාදීමේ කටයුතු එක් පොම්පාගාරයක් හරහා සිදු කෙරෙන බවද පෙන්වා දුන්නා.
(under the courtesy of nethfm news web)

Related posts

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමා කෙරේ

Shiran Viraj

කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයි

Shiran Viraj

මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

Shiran Viraj
Translate »