28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News Political

ගිවිසුම් අතර පැහැදිලි වෙනසක් තියෙනවා

හම්බන්තොට වරායේ ආයෝජනය සඳහා චීන සමාගමක් සමඟ ගිවිසුම් ගතවිමේදී ඒ සඳහා ඉදිරිපත් කළ ගිවිසුම් සහ මේ වන විට එකඟතාව පළ කර ඇති ගිවිසුම් අතර පැහැදිලි වෙනසක් පවතින බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
දෙවිනුවර ප්‍රදීපාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වරාය අධිකාරියේ අයිතිවාසිකම් සුරැකෙන පරිදි ගිවිසුම් ගතවීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්තය ඉන්දීය සමාගමක් වෙත පැවරීමට එරෙහිව කොටුව ඔරලෝසු කණුව ඉදිරිපිට  අද දහවල් 12.00ට උද්ඝෝෂණයක් පවත්වන බව වරාය රැක ගැනීමේ වෘත්තිය සමිති පෙරමුණ පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

ක්‍රමවේදයේ වෙනසක් නිසා විශේෂ කාර්ය බලකායට ගැටලූ රැසක්?

Shiran Viraj

ඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…

Shiran Viraj

ජනපති යෝග දින සැමරුමට එක්වෙයි

Shiran Viraj