28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(24) දිනයේ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
හෙට(24) රාත්‍රී 10.00 සිට පසුදින සවස 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව කොළඹ 02 සහ කොළඹ 03 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
මීට අමතරව තිඹිරිගස්යාය , හැව්ලොක් පාර, කොළඹ 08 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
ජල නල අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීම සිදු කෙරෙන බව  ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

පළාත් පාලන පනතේ සංශෝධන ගැන මන්ත්‍රීන් දැනුම්වත් කළ යුතුයි

Shiran Viraj

සරසවි සිසුන් සිය ග්‍රහණයට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ පුවරු හා දැන්වීම්වලට ගිනි තබයි – PHOTOS

Shiran Viraj

පොලිසියේ ගුටි කෙලියක්.. පිරිසක් රෝහලේ…

Shiran Viraj
Translate »