26.5 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNews

කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(24) දිනයේ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
හෙට(24) රාත්‍රී 10.00 සිට පසුදින සවස 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව කොළඹ 02 සහ කොළඹ 03 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
මීට අමතරව තිඹිරිගස්යාය , හැව්ලොක් පාර, කොළඹ 08 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
ජල නල අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීම සිදු කෙරෙන බව  ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

තැපැල් ඡන්ද ප‍්‍රතිඵල අමු බොරු…

Shiran Viraj

පාවහන් හාන්සියි..

Shiran Viraj

පාසල් ළමුන් මිය යාමේ වර්ධනයක්

Shiran Viraj
Translate »