29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

ඉර කපපු රියදුරාට විජේරාමෙදි පොලිස් නිළධාරියෙක් උගන්වපු අමතක නොවෙන පාඩම – Video

කිසියම් හෝ රථ වාහන වැරැද්දක් සිදුකළ අවස්ථාවකදී එහි පැමිණෙන රථවාහන පොලිස් නිලධාරියාට තමන්ගේ රියදුරු බලපත්‍රය ලබාදීමට ඕනෑම රියදුරෙක් නීතියෙන් බැඳී සිටිනවා.
එය ප්‍රතික්ෂේප කිරීමකදී පොලිස් නිලධාරියාට රියදුරා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකියාවද පවතිනවා. කෙසේ නමුත් විජේරාම ප්‍රදේශයේදී රියදුරෙකු තමන්ගේ රියදුරු බලපත්‍රය පොලිස් නිලධාරියා වෙත ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන් දෙදෙනා අතර උණසුම් වචන හුවමාරුවක් සිදුවන අතර එම අවස්ථාවේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයටද එක්කර තිබෙනවා.
වීඩියෝවේ සිටින මෝටර් රථ රියදුරා විසින් පාරේ නියමිත මංතීරුවේ ගමන් නොකිරීම හේතුවෙන් ඔහු කළ වරදට පොලිස් නිලධාරියා විසින් මොහුව නතර කර තිබෙනවා. පසුව රියදුරු බලපත්‍රය නොදී ඔහු එම ස්ථානයෙන් යන්නට සැරසෙන නිසාවෙන් වෙනත් මෝටර් රථ රියදුරෙකු ඔහුගේ මඟ අසුරා සිටින අයුරුද දැකගන්නට ලැබෙනවා.
එහිදී පොලිස් නිලධාරියා විසින් කාරුණිකව රියදුරාගෙන් රියදුරු බලපත්‍රය ඉල්ලා සිටින නමුත් එය ප්‍රතික්ෂේප කිරීම කිරීමෙන් හේතුවෙන් නිලධාරියාද මදක් උස් හඬින් ඔහු සමඟ වචන හුවමාරුවක නිරත වනවා.
රියදුරාගේ මෙම ක්‍රියාවට සමාජජාලයන්වල බොහෝ පිරිසක් අප්‍රසාදය පළකර ඇති අතර මේ එම අවස්ථාවේ වීඩියෝවයි…
(under the courtesy of rategossip news web)

Related posts

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නාඩු 70යි-සම්බා 80යි

Shiran Viraj

ඇමරිකාවේ නිශ්පාදිත සන්නිවේදන පෙට්ටියක් මන්නරම් යුදහමුදා කඳවුරක් ආසන්නයට ගසාගෙන එයි…

Shiran Viraj

කුහක වෙන්න බෑ.. ජනපති අයවැය ඉදිරිපත් කලේ ඉතාම අසීරු තැනක සිටයි..- හර්ෂ

Shiran Viraj
Translate »