mediahumanrights.lk
Local News News Political

ඉදිරියේ දී අපනයන ආර්ථිකයක් බිහි කරනවා

ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම අපනයන ආර්ථිකයක් ලෙස පරිවර්තනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කඩවත රන්මුතුගල පැවති උත්සවයකට එක් වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කළේය.
ලබා ගත් ණය ගෙවා දැමීමට නොහැකි කියා බලා නොසිට අපනයන ආර්ථිකයක් රට තුළ ඇති කර ඒ තුළින් රැකියා වෙළඳ පොළක් බිහි කර ආර්ථික වශයෙන් ඉදිරියට යෑමේ වගකීම රටක් ලෙස අද වන විට රජය බාර ගෙන ඇති බව ද අගමැතිවරයා මෙහිදී කියා සිටියේ ය.
ජී.එස්.පී ප්ලස් හරහා එම තත්ත්වය උදා කර ගැනීමට අවකාශ හිමිව ඇති බවද වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

ඇෆ්ගනිස්තානයෙන් එන්න ලාංකිකයන් පිරිසක් බෑ කියති.. තලේබාන්ලා යටතේ ඉන්න බව දන්වති..

Shiran Viraj

බස් ගාස්තුව රුපියල් දෙකකින් පහත දමයි..

Shiran Viraj

සෑම හැදුනුම්පතකටම TIN අංකයක්..

Shiran Viraj