30.6 C
Colombo
2026-07-13
mediahumanrights.lk
Local NewsNewsPolitical

ආපදාවට පත් ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක්

ආපදාවට පත්වූ ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ගංවතුරට යටවූ නිවෙස් වල විදුලි මීටර නොමිලේ ලබාදීමට අපේක්ෂා කරන බව ඔහු පැවසුවේය.
එමෙන්ම අදාළ නිවෙස් වල හානියට පත්වූ විදුලි පරිපථ පද්ධති ද විදුලිබල මණ්ඩලය විසින් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව නොමිලයේ මීටර ලබාදීමට සැළසුම් කර ඇති බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
මේ අතර ආපදාවට ලක්වූ ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය සහන කටයුතු සැළසීම සඳහා විදුලිබල මණ්ඩලයේ නඩත්තු කණ්ඩායම් යෙදවීමට සැළසුම් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් 1987 සහ 1910 මෙන්ම  1901 යන දුරකථන අංකවලට ඇමතීමෙන් අවශ්‍ය සහය ලබාගත හැකි බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා ප්‍රකාශ  කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ට්‍රම්ප්ගේ සංචාර තහනමට අධිකරණයෙන් යළි වාරණ

Shiran Viraj

ජනබල විරෝධයට එමින් සිටි බස්වලට ගල් ගසති… අංක තහඩු නැති වාහන කරලියේ..

Shiran Viraj

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලැබෙයිද? ඡන්ද විමසීම අදයි

Shiran Viraj
Translate »